slc
logo
Home   |    News
ජූනි 27, 2024
කොළඹ දකුණ ‍යෞවනයෝ පිට පිට දෙවැනි ජය ලබති

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ අද (27) කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ පැවැති කොළඹ දකුණු කණ්ඩායම හා මහනුවර අතර තරගයෙන් කඩුලු 7කින් කොළඹ දකුණ ජය ලබා තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය සටහන් කළේය. කොළඹ දකුණ ක්‍රීඩකයෝ පළමු තරගයේදී කඩුලු 5කින් කොළඹ උතුර පිල පරාජයට පත් කළහ.

මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 87 (ඕවර් 17)
මිදුක ධම්මගේ 17, ඒඑල් නහාලම් 14, ලක්වින් අබේසිංහ 23, අතිරේක 11 (සහන් කෞෂල්‍ය 25/2, අචල පෙරේරා 5/2, හිරුෂ ප්‍රනාන්දු 14/3)

කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 88 (ඕවර් 12.4)
ගවිරු සංකෙත් නොදැවී 45, රිවිත් ජයසූරිය 27 (දසුන් වලංඅංග 22/1, ලක්වින් අබේසිංහ 7/1)

කොළඹ උතුරට කඩුලු 3ක ජයක්

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර හා ගාල්ල අතර තරගයෙන් කොළඹ උතුර කණ්ඩායම කඩුලු 3ක ජයක් හිමිකර ගත්තේය.

ගාල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 260 (ඕවර් 43)
චාර්යා පරණවිතාන 27, රන්දුල් සමරහේවා 64, දර්ශික සන්දීප් 53, තෙමිඳු ප්‍රදීප්ත 34, විශ්ව සුපුන් නොදැවී 38, අතිරේක 25 ( කිත්ම විදානපතිරණ 22/2, ඩනුක කරන්නාගොඩ 64/2)

කොළඹ උතුර කණ්ඩායම කඩුලු 7කට ලකුණු 261 (ඕවර් 42.3)
තනූජ රාජපක්ෂ 57, මොහොමඩ් මුර්ෂාඩ් නොදුවී 46, සානික්‍ය දේශප්‍රිය 12, ඉනුක කරන්නාගොඩ නොදැවී 73, අතිරේක 11 ( කනිෂ්ක රංගන 64/2, සදෙව් රිද්මික 48/2 )

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee