slc
logo
Home   |    News
ජූනි 1, 2024
දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

sinhala editor

ව්ස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 41ක ජයක් හිමි විය.

අමෙරිකාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රොව්ර්ඩ් රීජනල් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ඕවර් 20කදී කඩුලු 8කට ලකුණු 163ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඈන්ජලෝ මැතිව්ස් පන්දු 30කදී හයේ 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 32ක්, වනිඳු හසරංග පන්දු 21කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග  ලකුණු 26ක්, දසුන් ශානක පන්දු 23කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 23ක් හා පැතුම් නිශ්ශංක පන්දු 15කදී හයේ 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 22ක් ලබා ගත්හ.

අයර්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් කඩුළු 2ක්, බැරි මැක්කාර්ති කඩුළු 2ක්,මාර්ක් අඩයිර්, ක්‍රෙග් යන්ග්, කර්ටිස් කැම්පර් කඩුල්ල බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි අයර්ලන්ත  ක්‍රීඩකයෝ පන්දු ඕවර 18.2ක දී ලකුණු 122කට සියල්ලෝ දැවී ගියහ. කර්ටිස් කැම්පර් ලබා ගත් ලකුණු 26ක්  ලබා ගත්තේය. විශිෂ්ට පන්දු  යැවීමක නිරත වූ දසුන් ශානක ලකුණු 23ට කඩුළු 4ක් බ්දහෙලීය. නායක වනිඳු හසරංග ලකුණු 40ට කඩුළු 2ක්,  මහීෂ් තීක්ෂණ ලකුණු 14ට කඩුළු 2ක් සහ දුෂ්මන්ත චමරී, මතීෂ පතිරණ 1 කඩුල්ල බැගින් ලැබූහ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee