slc
logo
Home   |    News
ජූනි 26, 2024
පුහුණු තරගය ජය ගත් යොවුන් ක්‍රීඩකයෝ තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගනිති  

sinhala editor

ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සහ ප්‍රවීන් මනීෂගේ දක්ෂතා හමුවේ එංගලන්ත තරග සංචාරයේ නියුතුව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි එකම පුහුණු තරගයෙන් එංගලන්ත යංග් ලයන්ස් පිල පරාජයට කොට කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්ව සිටියි.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත යන්ග් ලයන්ස් කණ්ඩායම ලකුණු 281 ක් ලබා ගත් නමුත් එය හඹා යෑමේදී පන්දුවාර 42 කදී කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ සමත්වූහ.

මෙහිදී සාර්ථක පිතිහරඹයක නිරත වුණු පුළිඳු පෙරේරා ලකුණු 107 ක්ද නායක දිනුර කලුපහන ලකුණු 51 ක්ද රැස් කරමින් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ටැඹ කරා රැගෙන යෑමේ වැඩි වගකීමක් ඉටු කළහ. ඊට අමතරව ගයන වීරසිංහ ලකුණු 42 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු ප්‍රවීන් මනීෂ ලකුණු 48 කට කඩුලු 4 ක්ද දුමිඳු සෙව්මින ලකුණු 30 කට කඩුලු 3 ක්ද දවා ගැනීමට සමත්වූහ.

එංගලනත යංග් ලයන්ස් සියලු දෙනා දැවී ලකුණු 281 යි – (ප්‍රවීන් මනීෂ 48/4, දුමිඳු සෙව්මින 30/3)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 282 යි – (පුලිඳු පෙරේරා 107, දිනුර කලුපහන 51, ගයන වීරසිංහ 42)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee