slc
logo
Home   |    News
ජූනි 16, 2024
මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි

sinhala editor

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

“අප මෙහි පැමිණියේ අභියෝගතා මැදින් වුවත් ඒවා අපගේ කණස්සල්ලට කිසිදු හේතුවක් වුයේ නෑ. දෙවන වටයට යාමට නොලැබීම අවාසනාවන්ත කරුණක්“ බව කී මැතිව්ස් මූලික වටයෙන් ඉවත්වීම කොහෙත්ම අපේක්ෂා නොකළ සිදු වීමක් බව ද සඳහන් කර සිටියේය.

“මෙවර තරගාවලියේදී සියලු කණ්ඩායම් අපට සුළුවෙන් තැකීමට කොහෙත්ම බෑ. නේපාලය පවා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී තරගය ජය ගන්නා තරමටම ළඟටම පැමිණියා. අපගේ පැත්තෙන් බලන විට තව ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමඟ තරගය පමණයි. අප සතු දක්ෂතා පෙන්වීමට එම තරගයේදී අප හොඳින්ම ක්‍රීඩා කළ යුතු වනවා.“

“ප්‍රථම තරග දෙකේදී අපගේ ක්‍රීඩකයන් ඔවුන් සතු දක්ෂතා පිළිබිඹු කිරීමට තරම් හොඳින් ක්‍රීඩා නොකිරීම හදවත් කම්පා කරවන සිදුවීමක්. මේ සිදුවීම් මෙසේ වුවත් ඉදිරියේදී අපගේ ක්‍රීඩකයන් නැවත දක්ෂතා අතරට පැමිණෙතැයි අපගේ අපේක්ෂාවයි“.

ශ්‍රී ලංකාව මේ තරගාවලියට සහභාගි වීමට පෙර පසුගිය දෙසැම්බරයේ සිට තරගාවලි තුනක්ම ජයගෙන ලෝක කුසලානයට පැමිණියේ ප්‍රබල තත්ත්වයකිනුයි.

“බංග්ලාදේශයේ පැවැති ඇෆ්ගනිස්තාන, සිබ්බාබ්වේ සහ බංග්ලාදේශ තරගාවලියේදීත් අප හොඳින්ම දස්කම් දැක්වූවා. ඒත් ලෝක කුසලාන තරගාවලියේ අපගේ දස්කම් විදහා නොදැක්වීම කණගාටුවක්“.

“අමෙරිකානු තණතිලි වෙනස් වුවත් අප මෙහි පැමිණීමට පෙර අප ක්‍රීඩා කළ කණ්ඩායම් සමඟම යළි ක්‍රීඩා කිරීමෙන් අසාර්ථක වීමෙන් පෙනී යන්නේ අප ක්‍රීඩා ලෝලීනට සාධාරණත්වයක් ඉටු නොකළ බවයි“ යැයි ද ඇන්ජලෝ මැතිව්ස් කීවේය.

ක්‍රීඩක දක්ෂතා පිළිබඳව අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලිය අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන කරුණ වුයේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බව ද කීවේය. පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් කළ සේවය අගය කරමින් අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවන් කෙතරම් අඩු මුළු ලකුණු සංඛ්‍යාවන් රැස් කළත් පන්දු යවන්නන්  සහ පන්දු රකින්නන් එම  ලකුණු රැක ගැනීමට තරම් බලවත් වෙහෙසක් ගෙන විශිෂ්ට දක්ෂතා පෙන් වු බව ද කීවේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee