slc
logo
Home   |    News
ජූනි 21, 2024
යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

sinhala editor

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව සිටින දිනුර වේග පන්දු යවන දකුණත් පිතිකරුවෙකි.
ජුනි මස 22 වැනිදා එංගලන්තයට බලා යන මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. නම් කරන ලද ක්‍රීඩකයින් අතර දිනුරට අමතරව පුළිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, දිනිරු අබේවික්‍රමසිංහ, ශරුජන් ශම්මුගනාතන්, විහස් තෙව්මික සහ යූරි කොත්තිගොඩ මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති. කණ්ඩායමේ උපනායකයා ලෙස ශරුජන් ශන්මුගනාතන් කටයුතු කරනු ඇත.
සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම පළමු වතාවට වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ඇත්තෝ වෙති.
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර සෙසු තරග දෙක පමණක් දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.
එක්දින තරගාවලිය ජූනි 28 වැනිදා චෙල්ම්ස්ෆෝඩ්හි ක්ලවුඩ් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. එම තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෆ්බ්‍රෝ විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට 25 වැනිදා සහභාගිවීමට නියමිතය වේ.
දෙවැනි සහ තෙවැනි තරග හෝව්හිදී පැවැත්වෙන අතර තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ජූලි මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා වෝර්ම්ස්ලිහිදීත් දෙවැන්න 16 වැනිදා සිට 19 වැනිදා දක්වා චෙල්ටෙන්හම් හිදීද පැවැත්වෙනු ඇත.

නම පාසල
පුලිඳු පෙරේරා ධර්මරාජ විදුහල – මහනුවර
සදෙව් සමරසිංහ නාලන්දා විදුහල – කොළඹ 10
ශරුජන් ශන්මුගනාතන් ශාන්ත බෙනඩික්ට් විදුහල – කොළඹ 13
හිරාන් ජයසුන්දර ශානත ජෝෂප් විදුහල – කොළඹ 10
මහිත් පෙරේරා ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස
දිනිරු අබේවික්‍රමසිංහ ශාන්ත සර්වේෂස් විදුහල – මාතර
ගයන වීරසිංහ මලියදේව විදුහල – කුරුණෑගල
තිසර ඒකනායක ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට
දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
නේතන් කල්දේරා ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස
ශේෂාන් මාරසිංහ ධර්මරාජ විදුහල – මහනුවර
දුමිඳු සෙව්මිණ ලුම්බිණි විදුහල – කොළඹ 05
හිවින් කෙනුල සිරිකුරුස විදුහල – කලුතර
ගීතික ද සිල්වා ශාන්ත ආනා විදුහල – කුරුණෑගල
විහස් තෙව්මික තර්ස්ටන් විදුහල – කොළඹ 07
මනුජ චන්තුක ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව
යූරි කොත්තිගොඩ රිච්මන්ඩ් විදුහල – ගාල්ල
ප්‍රවීන් මනීෂ ලුම්බිණි විදුහල – කොළඹ 05

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee