slc
logo
Home   |    News
ජූනි 7, 2024
ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක්  

sinhala editor

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ.

මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 16 ක් පන්දුවට පහර දීමට සිදුවිය. අනතුරුව ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගයද මෙහිදී පැවැති අතර අයර්ලන්තය ලකුණු 96 කට සීමා විය. කෙසේ වෙතත් ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට එය හඹා යෑම සඳහා පන්දුවාර 10 ක් ගතවූ අතර ඒ අතරතුරදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා පන්දුවක් අතේ වැදීම නිසා ක්‍රීඩාංගණයෙන් ඉවත්ව යෑමට සිදුවීමද කැපී පෙනෙන සිදුවීමක් වූවේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය, නාසූ ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වූ තරම් හොද ප්‍රතිඵල ගෙන නොදුන් නමුත්, ඉදිරි තරග සඳහා ලබා දිය හැකි ඉහළම මට්ටමේ තණතීරු ලබාදීමට උත්සාහ ගන්නා බව සඳහන් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙහි තවත් තරග 6 ක් පැවැත්වීමට නියමිත අතර ඊට ලබන 09 වැනිදා පැවැත්වෙන ඉන්දීයාව සහ පාකිස්තානය අතර තරගය ඇතුළත්ව තිබේ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar