slc
logo
Home   |    News
ජූනි 7, 2024
ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දෙරට අතර ඉතිහාසයේ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 11 කදී ජය වාර්තා කරමින් වැඩි ගෞරව අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බංග්ලාදේශ කණ්ඩායම මෙතෙක් ජය ගෙන ඇත්තේ තරග 5 ක් පමණි. ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දෙරට අවස්ථාවන් දෙකකදී මුණ ගැසී තිබෙන අතර එම තරග 2 ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

“අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සූදානම් පිට ඉන්න ඕන. දකුණු අප්‍රිකානු තරගයෙන්  පසුව අපි ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කළා. මං හිතනවා ඒ අභියෝගය ජය ගන්න ඔවුන් ශාරීරිකවත් මානසිකවත් සූදානමන් ඉන්නවා කියලා“ යැයි හෙට තරගය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි සදහන් කර සිටියේය.

“දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී පිතිකරණ අංශය කඩා වැටුණ නිසා මේ තරගයට කළින් අපි නැවත එය යථා තත්ත්වයට පත් කර ගන්න අපි ගොඩක් මහන්සි වෙනවා“ යැයි පිතිකරණ පුහුණුකරුවා සඳහන් කර සිටියේය.

දෙරට අවසන් වරට මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානම ක්‍රීඩකයින් දෙපළක් වන නායක වනිඳු හසරංගට සහ මතීෂ පතිරණට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගිය නමුත් හෙට තරගය සදහා මොවුන් දෙදෙනාම හොද සූදානමකින් පසුවීම ශ්‍රී ලංකාව දෙසින් සැනසිලිදායක තත්ත්වයක් ගෙන එයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෙට තරගයට සහභාගිවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 77 කට දැවී යෑමෙන් අනතුරුවය. එම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා විස්සයි-20 තරග ඉතිහාසයේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින් සටහන් වේ.

තරගය පැවැත්වෙන ඩලස් තණතීරුවේ ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙතෙක් තරග 2 ක් පවත්වා තිබෙන අතර එම තරග දෙකෙහි ප්‍රතිඵල එකිනෙකට වෙනස් ආකාරයෙන් ලැබීම, නිසා තණතීරුව පිළිබඳව නිසි තක්සේරුවක් ලබා ගැනීම අසීරු කරුණක් බවට පත්ව තිබේ. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති කැන්ඩාව සහ ඇමරිකා එක්සත් ජනපද අතර තරගයේදී දෙපිළම ලකුණු 190 ඉක්මවා රැස් කිරීමට සමත් වුවත් අනතුරුව පැවැති නෙදර්ලනත්ය සහ නේපාලය අතර තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 106 ක් රැස් කරන ලදුව එය හඹා යෑම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18.4 ක් වැය වීම කැපී පෙණින.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee