slc
logo
Home   |    News
ජූනි 25, 2024
යූත් ලීග් පළමු ජය කොළඹ දකුණට

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායම හා කොළඹ දකුණු කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූවේය..

කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුරු පළාත් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 138ක් ලබාගත් අතර, කොළඹ දකුණ ක්‍රීඩාකයෝ ඕවර් 34.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය. ජයග්‍රාහී කොළඹ දකුණ කණ්ඩායමේ සහන් කෞෂල්‍ය අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. දෙනෙත් ප්‍රියංග පීරිස් ලකුණු 47ක් හා අකාශ් ප්‍රනාන්දු ලකුණු 24ක් වාර්තා කළහ.

මෙම පන්දු ඕවර් 50 වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලිය ලබන 1 දක්වා පැවැත්වෙන අතර, මෙවරත් කණ්ඩායම් 5ක් තරග වදිති. කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙති.

කොළඹ උතුර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138 (ඕවර් 38.1)
තනූජ රාජපක්ෂ 36, ඉනුක කරන්නාගොඩ 29, අතිරේක 22 (සහන් කෞෂල්‍ය 20/4, අචල පෙරේරා 24/3)

කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 5කට ලකුණු 140 (ඕවර් 34.5)
දෙනෙත් ප්‍රියංග පීරිස් 47, සහන් කෞෂල්‍ය නොදැවී 54, අකාශ් ප්‍රනාන්දු නොදැවී 24 (විශ්ව ධනංජය 15/2, කවීෂ මෙන්ඩිස් 20/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee