BY CHAMILA KARAWITA
අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම තේරීම වෙනුවෙන් වූ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිව්වැනි වතාවටත් අවසන් මහ තරග අවස්ථාව උදා කර ගැනීමට අද (20 දා) රාත්‍රියේ සමත්විය. ඒ අනුව ජූලි මස 21වැනි ඉරිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ තරගයේදී ගෝල් මාවල්ස් කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කිංග්ස් පිල තරග වදිනු ඇත.
වනිඳු හසරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 188 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දැවි යන විටත් ජයග්‍රහණය සඳහා තවත් පන්දු 15 කදී ලකුණු 44 ක් ලබා ගත යුතු විය. මොවුන් දෙදෙනා එක්ව පන්දු 14 කදී ලකුණු 40 ක් රැස් කරමින් අවසන් පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය ලකුණු 4 ක් දක්වා පරතරයකට රැගෙන ඒමට සමත් වූ නමුත්, අසිත ප්‍රනාන්දු යවන ලද අවසන් පන්දුවේදී ලබාගත යුතු ලකුණු 4 වෙනුවට රමේෂ් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක් එක් කළහ. ඒ වෙනුවෙන් පවන් ලකුණු 11 ක් ලබා ගන්නා අතරේ රමේෂ් පන්දු 11 ක් තුළ ලකුණු 30 ක් ලබා ගැනීමට සමත්විය.
කැන්ඩි වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් සමත්වූහ. පළමු කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනා ලකුණු 48 ක් එක් කරන ලද්දේ පන්දු 25 ක් පමණක් වැය කරමිනි. ෆ්ලෙචර්ගේ (38) කඩුල්ල දවා ගැනීමට ෆේබියන් ඇලන් සමත් වූ අතර අනතුරුව මොහොමඩ් හැරිස් (26) සහ කමිඳු මෙන්ඩිස් (32) සහ වනිඳු හසරංග (13)ගේ කඩුලු ලකුණු 20 ක් ඇතුළත දවා ගනිමින් තරගයේ පූර්ණ වාසි කැන්ඩි පිලට හරවා දීමට විජයකාන්ත් වියස්කාන්ත් සමත්වූවේය. වියස්කාන්ත්ට අමතරව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු ෆේබියන් ඇලන් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ලූවේය.
අද දිනයේදී සුවිශේෂී ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 54 කදී ලකුණු 105 ක් රැස් කර ලද්දේ ඉනිම පුරාම තම කඩුල්ල නොබිඳිව තබා ගනිමිනි. ඔහු ඒ වෙනුවෙන් තම ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 5 ක් එල්ල කළේය. මෙම විශිෂ්ඨ ඉනිම ඔහුට එම තරගයේ සම්මානය දිනා ගැනීමට හේතු විය. පැතුම් නිස්සංක සමග එක්වුණු මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එක් කළහ. පැතුම් ලකුණු 18 කට දැවී යෑමත් සමඟ එම සම්බන්ධතාවය බිඳ වැටිණ. මෙන්ඩිස් හැරුණු කොට ජැෆ්නා ඉනිමේ යම් තාක් දුරකට සාර්ථක වූයේ නම් ඒ අස්මාතුල්ලා ඔමර්සායි පන්දු 13 කදී ලකුණු 26 ක් ලබා ගැනීම පමණි.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ජැෆ්නා පිල සහ ගෝල් පිල අවසන් මහ තරගයකදී මුණ ගැසෙන තෙවැනි වතාව වන්නේ හෙට පැවැත්වෙන අවසන් මහ තරගය වේ. මෙතෙක් දෙපිළ මුණ ගැසුණු අවස්ථා ද්විත්වයේදීම ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 187 යි –
කුසල් මෙන්ඩිස් 105*, අවිශ්ක ප්‍රනාන්දු 11, අස්මාතුල්ලා ඔමර්සායි 26, චතුරංග ද සිල්වා 22/2, මොහොමඩ් හස්නේන් 48/2, රමේෂ් මෙන්ඩිස් 10/2
කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 186 යි –
ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 38, දිනේෂ් චන්දිමාල් 11, මොහොමඩ් හැරිස් 26, කමිදු මෙන්ඩිස් 32, වනිඳු හසරංග 13, ඇන්ජලෝ මැතිව්ස් 18, රමේෂ් මෙන්ඩිස් 30*, පවන් රත්නායක 11*, ෆේබියන් ඇලන් 24/4, විජයකාන්ත් වියස්කාන්ත් 30/3