slc
logo
Home   |    News
ජූලි 6, 2024
ගෝල් මාවල්ස් අපරාජිත ගමන ජැෆ්නා කිංග්ස් බිඳ දමයි

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ලේ පැවැත්වෙන තරග ආරම්භ කරමින් අද (05 දා) පැවැති තරගයේදී මෙතෙක් දිනක් අපරාජිතව සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. මේ සමඟම මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටි එකම කණ්ඩායමට බවට පත්ව සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟද අද පරාජයෙන් පසු නිමාවට පත්විය.

ටිම් සීෆර්ට්ගේ අනගි භවයනීය ශතකයත් සමඟ අවසන් පන්දුවාර 5 දී ලකුණු 66 ක් උදුරා ගැනීමට සමත්වීම නිසා ලකුණු 188 ක් ලබා ගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත්වුවත් එම ඉලක්කය හමා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දු 2 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් රිලී රුසොව් පන්දු 42 කදී ලකුණු 67 ක් වාර්තා කළත් ජයග්‍රහණයේ නියමුවා වූයේ පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 35 ක් ලබා ගත් අස්මාතුල්ලා ඔමර්සායි විය. මුලු ලකුණු සංඛ්‍ය 142 ක් ව තිබියදී රුසෝව් පිටියෙන් ඉවත් කිරීමට සහූර් ඛාන් සමත්විය. අනතුරුව චරිත් අසලංකට එක් වුණු අස්මාතුල්ලා ඔමර්සායි 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 49 ක නොබිඳුණු සම්බන්ධාවත් පවත්වමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්විය.

ජැෆ්නා පන්දු යවන්නන්ට දැවැන්තම හානිය කරන ලද්දේ ටිම් සීෆර්ට් විසිනි. ඔහු පන්දු 63 කදී ලකුණු 104 ක් ලබා ගත්තේ ඉනිම හමාර වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. අද දිනයේදී සීෆර්ට් තම ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කළ අතර එය එල්.පී.එල්. තරග ඉතිහාසයේ පිතිකරුවකු විසින් හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කුසල් ජනිත් පෙරේරා වන අතර ලකුණු 70 ක් රැස් කර තිබිණ.

සීෆර්ට්ගේ විස්සයි-20 තරග දිවියේ තෙවැනි ශතකය ලෙසින් වාර්තා වුණු මෙම ඉනිම ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කරන ලද 6 වැනි ශතකය ලෙසින් සනිටුහන් විය.

ගෝල් මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 187 යි

ටිම් සීෆර්ට් 104*, ඇලෙක්ස් හේල්ස් 23, නිරෝෂන් දික්වැල්ල 12, භානුක රාජපක්ෂ 28, අසාමටුල්ලා ඔමරසායි 33/2, ප්‍ර මෝද් මදුෂාන් 36/1, ෆේබියන් ඇලන් 42/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 19.4 කදී කඩුලු 5 කට ලකුණු 191 යි

(රිල් රුසොව් 67, කුසල් මෙන්ඩිස් 30, අවිශ්ක ප්‍රනාන්දු 14, චරිත් අසලංක 17*, අස්මතුල්ලා ඔමර්සාය් 35*, සහූර් ඛාන් 33/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee