Chamila Karawita
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු ගෝල් මාවල්ස් කණ්ඩායම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට කිසිදු අපහසුවකින් තොරවම සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය. ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ගෝල් කණ්ඩායමක් අවසන් මහ තරග වරම උදා කර ගත් තෙවැනි අවස්ථාව වශයෙන්ද මෙය සනිටුහන් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද 18 දා) පස්වරුවේ පැවැති මෙම තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් වුවද ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ. ඒ සඳහා ඔවුන් අද රාත්‍රියේ පැවැත්වීිමට නියමිත කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් අතර තරගයේ ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළ යුතුය.
ජයග්‍රහණය සදහා ලකුණු 178 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් පිතිකරුවෝ පන්දුවාර 18 ක් අවසානයේදී කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදෙමින් ඉලක්කය සපුරා ගත්හ. ගෝල් ජයග්‍රහණය වෙනුවෙන් තෙවැනි කඩුල්ලට එික් වූ ජනිත් ලියනගේ (56) සහ ටිමී සීෆර්ට් (62*) පන්දු 62 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෝල් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 36 කට මුහුණ දුන් ජනිත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින්ද සීෆර්ට්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූහ. ඉනිම ආරම්භයේදී නායක දික්වැල්ල ලකුණු 09 කට දැවී ගිය නමුත් වගකීම ගත් ඇලෙක්ස් හේල්ස් සහ ටිම් සීෆර්ට් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විට ලකුණු 70 දක්වා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. හේල්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 21 කදී ලකුණු 36 ක් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 177 ක් ලබා ගත්තේය. මෙහිදී යාපනය වෙනුවෙන් ලකුණු මැෂිම බවට පත්ව සිටින අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 52 ක් රැස් කළේය. මෙම ඉනිම සමඟ අවිශ්ක මේ දක්වා සහභාගිවූ තරග 9 දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 363 ක් වේ. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අවිශ්ක ඒ සදහා පිරිනැමෙන ‘තැඹිලි‘ පැහැති කැප් තොප්පිය පැළඳීමට වරම් ලබා සිටියි.
අද දිනයේදී පැතුම්ට එතරම් සුභදායක නොවූයේ ඔහු ආරම්භයේදීම ලකුණු 04 කට දැවී යෑම නිසාය. එහෙත් රිලී රොසොව් (40) සමඟග එක්වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 61 ක සම්බන්ධාතවක් පැවැත්වීමට සමත්වූහ. පන්දු 39 ක් වැය වුනු කුසල්ගේ ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 4 කින් වර්ණවත් විය. රොසොව් ගේ ලකුණු 40 ඉනිම සඳහා ඔහු පන්දු 22 කට පමණක් මුහුණ දුන්නේ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද ඇතුළත් කර ගනිමිනි.
රොසොව් දැවී ගිය නමුත් සටන අත්නොහළ කුසල්, අවිශ්ක සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පනදු 36 කදී යළිත් ලකුණු 45 ක් එක් කිරීමට දායකත්වය දැක්වූහ. මෙය යාපනයට ලකුණු 175 සීමාව ඉක්මවා යෑමට හේතුවිය. පන්දු යැවීමේදී කැපී පෙනුණු ඩ්වේන් ප්‍රි ටෝරියස් පන්දුවාර 4 කදී ලකුණු 23 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක්ද ඉසුරු උදාන ලකුණු 37 කට කඩුලු 2 ක්ද දවාලූහ.
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 177 යි
කුසල් මෙන්ඩිස් 46, රිලී රොසොව් 40, අවිශ්ක ප්‍රනාන්දු 52, ඩ්වේන් ප්‍රි ටෝරියස් 23/4, ඉසුරු උදාන 37/2
ගෝල් මාවල්ස් පන්දුවාර 18.1 කදී කඩුලු 3 ට ලකුණු 181 යි
ඇලෙක්ස් හේල්ස් 32, ටිම් සීෆර්ට් 62*, ජනිත් ලියනගේ 56ර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළළ