slc
logo
Home   |    News
ජූලි 30, 2024
පවන් ශතකයක් වාර්තා කරද්දී ශිරාජ්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරග වලදී සී.සී.සී. පිලේ පවන් රත්නායක ශතකයක් සහ බී.ආර්.සී. පිලේ මොහොමඩ් ශිරාජ් ලකුණු 21 ට කඩුලු 6 ක් දවාලමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. මෙහිදී 20 හැවිරිදි වියේ පසුවන පවන් නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව තම ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ඒ සඳහා ඔහු පන්දු 71 කට මුහුණ දී තිබුණේය. ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ තෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු එම ශතකයට හතරේ පහර 3 ක් සහ හයේ පහර 8 ක් ද ඇතුළත්ව තිබිණි.

දකුණතින් වේග පන්දු යවන මොහොමඩ් ශිරාජ් කුරුණෑගල තරුණ පිට එරෙහිව සිය දක්ෂතාව දැක්වීමට සමත්වූවේය. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ දක්ෂතම පන්දු යැවීම ලෙසින්ද සිටුහන් විය.

අද පැවැති තරගවලින් බහුතරයක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.   

නිගම්බු පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 83 ක ජයක්

නිගම්බු පිල කඩුලු 7ක් දැවී 200 (45.0) ඩිල්ශාන් මුණවීර 54, කේශාන් වන්නිආරච්චි 26, හිමාෂ ලියනගේ නොදැවී 59, නිශාන් පීරිස් 21, කල්හාර සේනාරත්න 34/4

රාගම සියලුම දෙනා දැවී 85 (28.3) චමත් ගෝමස් 19, ඩිල්ශාන් මුණවීර 23/2, පසිඳු උස්හෙට්ටිගේ 14/4, නිශාන් පීරිස් 15/4

එන්.සී.සී. සහ එස්.එස්.සී. අතර තරගය විසඳුම් නෑ

SSC – කඩුලු 3ක් දැවී 283 (46.0) නිපුන් ධනංජය 39, ශෙවෝන් ඩැනියෙල් 95, ක්‍රිශාන් සංජුල නොදැවී 89, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 29, සහන් ආරච්චිගේ 50/2

බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් අතර තරගයේ විසඳුමක් නෑ

හලාවත මේරියන්ස් කඩුලු 9ක් දැවී 144 (32.0) සුමින්ද ලක්ෂාන් 28, ඩිල්ශාන් සංජීව 26, සචිත ජයතිලක 23/4, රවිඳු ප්‍රනාන්දු 21/2, චමත් වික්‍රමසිංහ 15/2

ඒස් කැපිටල් පිලට ලකුණු 79 ක ජයක්

ඒස් කැපිටලන් කඩුලු 9ක් දැවී 171 (43.0) සිතාර ගිම්හාන් 37, සකුන ලියනගේ 31, රවීන් ද සිල්වා නොදැවී 32, නිමේෂ් විමුක්ති 29/2, ඉම්තියාස් ස්ලාසා 30/3

පානදුර සියලුම දෙනා දැවී 92 (30.1) ඔෂද ප්‍රනාන්දු 21, සිතුම් දිසානායක 19/2, වනුජ සහන් 17/2, තනුක දාබරේ 20/3, තීරක රණතුංග 12/2

බී.ආර්.සී. පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6 ක ජයක්

කුරුණෑගල තරුණ  සියලුම දෙනා දැවී 67 (24.0) – තරිඳු කෞෂාල් 19, චමින්ද බණ්ඩාර 14/2, මොහොමඩ් ෂිරාශ් 21/6, මර්වින් අභිනාශ් 10/2

බී.ආර්.සී. කඩුලු 4ක් දැවී 70 (8.3) රවිජ සඳරුවන් 27, කවික ඩිල්ශාන් 30/3

මුරව්ස් සහ කෝල්ට්ස් අතර තරගයේ විසඳූමක් නෑ

කෝල්ට්ස් කඩුලු 7ක් දැවී 198 (34.0) ශලින් ද මැල් 27, සනෝජ් දර්ශික 20, ධනංජය ලක්ෂාන් 23, රවිඳු රසාන්ත 63, සුකිත මනෝජ් 26, දනුශ්ක උදාර 25/2, ටිලංග උදේශන 35/2

සී.සී.සී. සහ නුගේගොඩ අතර තරගයේ විසඳුමක් නෑ

සී.සී.සී. කඩුලු 4ක් දැවී 227 (34.0) අංජල බණ්ඩාර නොදැවී 76, පවන් රත්නායක 100, ශෙෂාන් මාරසිංහ 41/2

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee