slc
logo
Home   |    News
ජූලි 16, 2024
මතීෂගේ පන්දු යැවීමෙන් කලම්බු ස්ට්‍රයිකර්ස්ට සිව්වැනි ජය

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ප්‍රභලතම ගෝල් මාවල්ස් පිලට එරෙහිව අද (15 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයට පැමිණ සිටින්නේ ශුද්ධ ධන ලකුණු වේගයක්ද සමඟිනි.

පන්දුවාර 3.5 කදී ලකුණු 20 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගැනීමට මතීෂ පතිරණ සමත්වීම නිසා ප්‍රභල ගෝල් කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 138 කට සීමා කිරීමට කලම්බු කණ්ඩායමට හැකියාව ලැබිණ. ගෝල්  පිල වෙනුවෙන් ටිම් සීෆර්ට් (44) සහ භානුක රාජපක්ෂ (35) පමණක් ලකුණු 35 සීමාව ඉක්මවාලීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූහ.

ඉලක්කය හඹා යෑමේදී 19 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී කලම්බු පිල ජයග්‍රහණය සනිටුහන් කර ගන්නා විට ප්‍රතිවාදීන් දවා ගැනීමට සමත්ව සිටියේ කඩුලු 3 ක් පමණි. ඒ වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් මොහොමඩ් වසීම් තම ලකුණු 50 රැස් කළේ පන්දු 44 ක් වැය කරමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වසීම්ගේ ඉනිම හැරුණු කොට ඔහුට අනගි සහායක් ලබා දුන් අනෙක් පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු රාමනුල්ලා ගුර්බාස්ය. ඔහු පන්දු 17 කදී ලකුණු 23 ක් රැස් කළේය.

ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් වන විට ග්ලෙන් පිලිප්ස් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 31 ක්ද සදීර සමරවික්‍රම පන්දු 12 කදී ලකුණු 15 ක්ද රැස් කොට කඩුල්ලේ රැඳී සිටියහ.

13 වැනි පන්දුවාරය වන විට ගෝල් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 93 ක් වැනි ප්‍රබල තත්ත්වයක පසු වුවත්, එම පන්දුවාරය යැවූ ඉසිත විජේසුන්දර විසින් භානුක රාජපක්ෂව දවාලීමට සමත්වීමත් සමඟ ගෝල් කණ්ඩායමේ කඩා වැටීම ඇරඹිණ. අනතුරුව ග්‍රහණය තර කරමින් පන්දු යැවූ කලම්බු පන්දු යවන්නන් අතරින් අවසන්  පන්දු වාරය යැවූ මතීෂ පතිරණ පන්දු 5 කදී කඩුලු 3 ක් දවා ගනිමින් ගෝල් ඉනිම 138 න් නිමා කිරීමට සමත්වූවේය. තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වඋ මතීෂට අමතරව ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ.

ගෝල් මාවල්ස් පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 138 යි

ටිම් සීෆර්ට් 44, සදීෂ රාජපක්ෂ 15, භානුක රාපක්ෂ 15, භානුක රාජපක්ෂ 35, මතීෂ පතිරණ 20/4, දුනිත් වෙල්ලාලගේ 30/2, ශදාබ් ඛාන් 20/2

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 18.2 කදී කඩුලු 3 කට ලකුණු 142 යි

රාමනුල්ලා ගුර්බාස් 23, මොහොමඩ් වසීම් 50, ග්ලෙන් පිලිප්ස් 31*, සදීර සමරවික්‍රම 15.

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee