slc
logo
Home   |    News
ජූලි 14, 2024
ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණය කලම්බු ස්ට්‍රයිකර්ස් නම ඉදිරියෙන් සනිටුහන් වද්දී ලකුණු පුවරුවේ පන්දුවාර 10 කුත් පන්දුවක් ඉතිරිව තිබිණ.

මෙම ත්ත්වය මත ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ශුද්ධ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් විට ඔවුනට ඉතිරි තරග 2 ජය ගත හොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවකාශයද මේ සමඟම ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හිමිව තිබේ. ඔවුන් මේ දක්වා තරග 6 කට සහභාගිව අද වාර්තා කරන ලද්දේ තෙවැනි ජයග්‍රහණය විය.

ජයග්‍රහණය සදහා ලකුණු 110 ක ඉලක්කය හඹා ගිය ස්ට්‍රයිකර්ස්පිතිකරුවන් අතරින් වේගවත් පිතිහරඹයක නිරත වුණු රාමනුල්ලා ගුර්බාස් පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබා ගත්තේ ස්ට්‍රයිකර්ස් හඹා යෑම ඉක්මන් කරමිනි. ඔහුට අනගි සයාක් ලබා දුන් මුහමද් වසීම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 87 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වූහ. එහිදී වසීම්ගේ දායකත්වය ලකුණු 35 කිනි.

ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථකවීම මත ජැෆ්නා කණ්ඩායම විටෙක එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 69 ට අඩුවෙන් දැවී යෑමේ අවධානමකට මුහුණ දී සිටි නමුත්, අවසන් පිතිකරුවන් තිදෙනා වූ විජයකාන්ත් වියස්කාන්ත් (25*),  ප්‍රමෝද් මදුෂාන් (10) සහ ඒෂාන් මාලිංග (15) 55 එක් කරමින් ජැෆ්නා කණ්ඩායම අවමානයෙන් මුදවා ගත්හ. ඉනිමේ හරි අඩක් අවසන් වන විටම පළමු කඩුලු 7 ම ලකුණු 54 ක් ඇතුළත බිඳ වැටී තිබූ නමුත්, පසුපෙළින්  පැමිණි විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 20 පුරාම කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 34 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කරමිනි.

පන්දු යැවීමේදී යළිත් කැපී පෙනුණු ශදාබ් ඛාන් පන්දුවාර 40 දී ලකුණු 10 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ හෙළමින් ජැෆ්නා ඉනිම බිඳ දැමීමේ මූලිකත්වය ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු සහ ෆේබියන් ඇලන් දෙදෙනාව පිට පිටම පන්දු 2 කදී දවා ගත් ශදාබ් ඛාන් කඩුලු ත්‍රිත්වය වෙනුවෙන් යොමු කරන ලද පන්දුවට විජයකාන්ත වියස්කාන්ත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යැයි විනිසුරුවරයා සංඥා කළේය. එබැවින් සියල්ලෝම කඩුලු ත්‍රිත්වයේ සතුට භුක්ති විඳි නමුත් විනිසුරු තීරණය අභියෝගයකට ලක් කිරීමේදී එය නොදැවී යෑමක් ලෙස සනිටුහන් විය.

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 109 යි

විජයකාන්ත් වියස්කාන්ත් 25*, චරිත් අසලංක 13, අවිශ්ක ප්‍රනාන්දු 11, ප්‍ර මෝද් මදුෂාන් 10, ඒසාන් මාලිංග 15, ශාදාබ් ඛාන් 10/4, බිනුර ප්‍රනාන්දු 24/2

කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 9.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 112 යි

රාමනුල්ලා ගුර්බාස් 57*, ඇන්ජලෝ පෙරේරා 16, මුහමාද් වසීම් 35*

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar