slc
logo
Home   |    News
ජූලි 19, 2024
වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා – චමරි අතපත්තු

sinhala editor

BY CHAMILA KARAWITA

ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් අද (19 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ලබන්නේ වසර 16 කට පසුව වීම කැපී පෙනෙයි.

තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම පස් වතාවක් අවසන් මහ තරග වරම් දිනාගැනීමට සමත්ව වුවත් එකම වරක් හෝ ශූරතා කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් තම දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේදී එම ඉතිහාසයේ වෙනස් කිරීමට තමන් ඇතුළු කණ්ඩායම සතුව විශාල බලාපොරොත්තුවක් තිබෙන බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු ප්‍රකාශ කරන්නීය.

“මේ පාර ශූරතාව දිනා ගන්න පුලුවන් වෙයි කියලා ලොකු විශ්වාසයකින් ඉන්නවා. එතැනදි හොද මානසිකත්වයකින් යුක්තව තරගයෙන් තරගය ක්‍රීඩා කරන එක වැදගත්. අපි දන්නවා අපි ගොඩක් හොඳට පසුගිය තරගාවලි සෙල්ලම් කරලා තියෙනවා කියලා. හොද කණ්ඩායම් අපි පරාජයට පත් කරලා තියෙනවා. එංගලන්තය එංගලන්තයෙදිත් දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවේදීත්. හැබැයි ඒ හැම තරගයම කරලා ඉවරයි. ඒක ඉතිහාසයට ගිහිල්ලා ඉවරයි. මේක අලුත් දවසක්. අලුත් තරගයක්. ඒ තරගය අපි හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත්. එහෙම තරගයෙන් තරගය ආවොත් අවසන් මහ තරගයට, අපි දන්නවා මොනවද කරන්න ඕන කියන එක. බලාපොරොත්තුවක් තියෙනවා වෙනසක් කරන්න මේ ආසියානු කුසලාන තරගාවලියෙදී“ යැයි චමරි පවසන්නීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු සටන මේ මස 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව දියත් කරනු ඇත. ප.ව. 7.00 ට ආරම්භ වන එම තරගයට අමතරව මැලේසියාව සහ තායිලන්තය මූලික වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති. කණ්ඩායම් 8 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ප්‍රබල ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිතය.

විස්සයි-20 අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි. අදාළ ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව 3 වැනි ස්ථානයේ පසුවද්දී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 7 වැනි ස්ථානයේය. එහෙත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින එකම ආසියානු කණ්ඩායම වන්නේ ඉන්දියාව පමණි. ඒ අනුව බලන විට මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කළ හැකි කණ්ඩායමක් වේ නම් ඒ ඉන්දීය කණ්ඩායම පමණක්ය යන්න අනුමාන කළ හැක.

එහෙත් කණ්ඩායම් පිළිබඳව චමරි පසුවෙන්නේ වෙනම ආකල්පයකය. ඇය සදහන් කර සිටින්නේ තරගාවලියට පැමිණෙන එකම කණ්ඩායමක්වත් අවතක්සේරුවකට ලක් කළ නොහැකි බවයි. “කිසිම කණ්ඩායමක් අවතක්සේරුවට ගන්න බෑ. හැම කණ්ඩායමක්ම ඇවිල්ලා ඉන්නේ කුසලානය ජයග්‍රහණය කරන්න. ඉතිං තරගයෙන් තරගය ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා“ යැයි චමරි පවසයි.

ඉන්දියාව හැරුණු කොට ගෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් අතරින් පාකිස්තානය සහ බංග්ලාදේශයට අමතරව මෙම තරගාවලියට එකතු වන සෙසු රටවල් වන්නේ මැලේසියාව, එක්සත් ආරාබි එමීර්, තායිලන්තය සහ නේපාලයද සුලුවෙන් තැකිය නොහැකිය. ඒ මන්ද යත් විස්සයි-20 තරග යනු ඉතාමත් සීමිත කාල සීමාවකදී පැවැත්වෙන තරග හෙයින් ඕනෑම අවස්ථාවක කණ්ඩායමකට ජය වාර්තා කිරීමේ හැකියාව පවතින බැවිනි.

“ගොඩක් හොඳ සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු එකහමාර ගත්තහහ අපි නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කියන කණ්ඩායම් පරාජයට පත් කළා. ලංකාවේ සහ ඔවුන්ගේ රටවලදී. මං හිතන්නේ හොඳ මානසිකත්වයකින් කණ්ඩායම ඉන්නවා. මේ ආකෘතිය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුලුවන්. දවසේ හොදට කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහනය කරනවා. ඒ වගේම අපේ රටේ සෙල්ලම් කරන්නේ. අපේ උපරිමයම මේ තරගාවලියට දෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයි චමරි සදහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee