slc
logo
Home   |    News
ජූලි 13, 2024
LPL තරුණ ක්‍රීඩකයනට තෝතැන්නක් – චමිඳු වික්‍රමසිංහ

sinhala editor

එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය තමන් වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට ඉතා වටිනා, ඉගෙන ගත යුතු බොහෝ දේ ඇති තරගාවලියක් ලෙස තමා දකින බව දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් අතර පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ 23 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

මේ තරගාවලිය ප්‍රබල විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම සහභාගි වන හෙයින් ඔවුන්ගෙන් ලබා ගත හැකි පළපුරුද්ද සහ අත්දැකීම් දේශීය ක්‍රීඩකයනට ප්‍රයෝජනවත් වන අතරම ක්‍රීඩා ලෝලීනට ද විදේශීය ක්‍රීඩකයනගේ දක්ෂතා නැරැඹීමට මෙයින් අවස්ථාව සැලසෙන බව ද චමිඳු වික්‍රමසිංහ පවසයි.

දඹුල්ල කණ්ඩායම මේ තරගාවලියේ ප්‍රථම තරග තුන පරාජයට පත් වුවත් ඉන් පසුව සැළසුම් සහගතව හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඊළඟ තරග දෙක ජය ගැනීමට අවස්ථාව උදා වූ බව කී චමිඳු වික්‍රමසිංහ ප්‍රථම තරගයේදී ද තමා හොඳ සබඳතාවක් ගොඩ නැගුවත් එම තරගය පරාජය වීම නිසා සැළසුම් සහගතව මේ තරගය ජයගත් බව ද කීය.

පන්දුවට පහරදෙද්දී මෙම තරගයේදී තමාට ලැබුණු අවස්ථාව හොඳින් පාලනය කර ගත් බව පවසන චමිඳු ඕවර 20 දක්වා ඉනිම රැගෙන යාම තමාගේ ප්‍රධානම අරමුණ වූ බව ද කීවේය.

මෙදින තණතිල්ල වේගයෙන් අඩු බවක් ඉසිලුවා. ඒ වගේම පන්දුවේ මඳ දෝලනයක් ද දැකගත හැකි වුවා. මේ තරගයට සාර්ථකව මුහුණ දුන් ආකාරයට ඉදිරි තරගවලත් හොඳින්ම මුහුණ දී අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීම අපගේ අපේක්ෂාවයි.

අප මේ තරගයේදී පන්දුවට පහර දුන් ආකාරය සහ පන්දු යැවු විලාශය සසඳන විට අපට ඉදිරි තරග ජය ගැනීම අපහසු කරුණක් නොවනු ඇතැයි ද චමිඳු වික්‍රමසිංහ කියයි.

චමිඳු වික්‍රමසිංහ මේ තරගයේදී පන්දු 34කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 56ක් රැස් කර ගැනීමට සමත් විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee