slc
logo
Home   |    News
අගෝස්තු 31, 2024
අසලංකගේ ශතකයෙන් කලම්බු දෙවැනි තැනට එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පැවැති තරග වලදි කොළඹ කණ්ඩායම විසින් දඹුලු කණ්ඩායම ලකුණු 45 කින් පරාජයට පත් කිරීමට සමත්විය. මේ සමඟම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කලම්බු කණ්ඩායමට හැකියාව ලැබිණ. අද දිනයේ පැවැති අනෙක් තරගය වූ කැන්ඩි සහ ජැෆ්නා අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

තරගයේ ප්‍රතිඵලය ලබා දුන් එකම තරගය බවට පත්වූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 38 බැගින් සීමා විය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම පන්දුවාර 38 අවසනදී කඩුලු 7 ට ලකුණු 255 ක් රැස් කිරීමට සමත්විය ඒ වෙනුවෙන් නායක චරිත් අසලංක අගනා ශතකයක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවේය.

පන්දු 75 කට මුහුණ දුන් අසලංක ලකුණු 111 කින් සමන්විත ඉනිම සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කළේය. ඒ හැරුණු කොට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ක්‍රිෂාන් සංජුල වන අතර ඔහු පන්දු 54 කදී ලකුණු 38 ක් රැස් කළේය. පන්දු යැවීමේදී චමිඳු විජේසිංහ ලකුණු 48 කට කඩුලු 3ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී දඹුල්ල කණඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 36 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 211 ක් පමණි. මෙහිදී පිත්තෙන් දස්කම් දැක්වූ රවිදු ප්‍රනාන්දු පන්දු 73 කදී නොදැවී ලකුණු 95 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කර මිනි.

ඔහුට අමතරව පුළිඳු පෙරේරා (40) සහ ගයන වීරසිංහ (37) පිත්තෙන් සාර්ථක වූහ. පන්දු යැවීමේදී ප්‍ර මෝද් මදුෂාන් ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගනිද්දී දිලුම් සුදීර ද ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත්තේය. චරිත් අසලංක ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.

මේ අතර හම්බන්තොටදී පන්දුවාර 39 කට සීමා වෙමින් පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල කඩුලු 4 කට ලකුණු 172 ක් රැස් කිරීමට සමත්වූ නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පන්දුවාර 15 ක් අවසන් වන විටම වර්ෂාව හරස්වීම නිසා තරගය යළිත් ආරම්භ කිරීමට නොහැකි විය. එක්දින තරගයකදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තීරණයක් ගැනීමට නම් දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායම අනිවාර්යයෙන්ම පන්දුවාර 20 ක් හෝ ඊට වඩා වැඩියෙන් පිතිකරණයේ නියැළිය සිටිය යුතු වුවත් ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී තිබුණේ පන්දුවාර 15ක් පමණක් බැවින් තරගය විසඳුමකින් තොරව අවසන් විණ.

අද දිනයේදීත පිත්තෙන් කැපී පෙනීමට කැන්ඩි පිලේ අහන් වික්‍රමසිහ සමත්වූවේය. ඔහු පන්දු 94 කදී ලකුණු 52 ක් රැස් කළේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඒ ඊට හතරේ පහර 5 ක් පමණක් ඇතුළත් කර දමමිනි. ඔහුට අමතරව චාමික කරුණාරත්න  පන්දු 71 කදී නොදැවී ලකුණු 64 ක් රැස් කිරීමට සමත්වූයේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ද සමගිනි. පන්දු යැවීමේදී ඉසිත විජේසුන්දර ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී තරගය වර්ෂාව හේතුවෙන් නවතා දමන විට පන්දුවාර 15 කට මුහුණ දී සිටි ජැෆ්නා කණ්ඩායම කඩුලු 4 ක් දැවි ලකුණු 78 ක් ලබා සිටියේය.

කලම්බු – දඹුල්ල

කලම්බු පන්දුවාර 38 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 255 යි

චරිත් අසලංක 111, දසුන් ශානක 23, අෂේන් බණ්ඩාර 25, විෂාද් රන්දික 13*, අවිශ්ක ප්‍රනාන්දු 15, ෂෙවෝන් ඩැනියල් 13, ක්‍රිෂාන් සංජුල 38, චමිඳු විජේසිංහ 48/3

දඹුල්ල පන්දුවාර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි

පුළිඳු පෙරේරා 40, ගයන වීරසිංහ 37, රවිදු ප්‍රනාන්දු 95*, ලක්ෂාන් සඳකැන් 13, ප්‍ර මෝද් මදුෂාන් 45/3, දිලුම් සුදීර 50/3, චරිත් අසලංක 16/2

ජැෆ්නා – කැන්ඩි

කැන්ඩි පන්දුවාර 39 කදී කඩුලු 4 ට ලකුණු 172 යි

අහන් වික්‍රමසිංහ 52*, තනුක දාබරේ 32, චාමික කරුණාරත්න 64*, ඉසිත විජේසුන්දර 36/4

ජැෆ්නා පන්දුවාර 15 කදීි කඩුලු 4 ට ලකුණු 78 යි

ඉසිත විජේසුන්දර 20, හසිත බෝයගොඩ 18*, රොන් චන්ද්‍රගුප්ත 19, නිම්සර අතරගල්ල 27/2,

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee