slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ඉයන් බෙල්ගේ සහාය ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඒ අනුව බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වන අතර එම තරගාවලිය අවසන් වන තෙක් බෙල් අදාළ ධුරයේ කටයුතු කරනු ඇත.

හිටපු එංගලන්ත ඉදිරි පෙළ පිතිකරුවා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 7727 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.69 ක් රඳවා ගනිමිනි. බෙල්ගේ නම ඉදිරියෙන් ලියැවී ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 22 ක් වේ.

“අපි ඉයන්ව පත් කළේ එංගලන්තයේ තත්ත්වයන් පිළිබඳව ක්‍රීඩකයින්ට අවබෝධයක් ලබා දීම සඳහා දේශීය දැනුමක් ඇති පුද්ගලයෙකුගේ සේවය ලබා ගැනීමටයි. ඉයන්ට එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් ඇති අතර, ඔහුගේ දායකත්වය මෙම තීරණාත්මක සංචාරයේදී අපගේ කණ්ඩායමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා“ යැයි  බෙල්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee