slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ඉයන් බෙල්ගේ සහාය ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඒ අනුව බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වන අතර එම තරගාවලිය අවසන් වන තෙක් බෙල් අදාළ ධුරයේ කටයුතු කරනු ඇත.

හිටපු එංගලන්ත ඉදිරි පෙළ පිතිකරුවා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 7727 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.69 ක් රඳවා ගනිමිනි. බෙල්ගේ නම ඉදිරියෙන් ලියැවී ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 22 ක් වේ.

“අපි ඉයන්ව පත් කළේ එංගලන්තයේ තත්ත්වයන් පිළිබඳව ක්‍රීඩකයින්ට අවබෝධයක් ලබා දීම සඳහා දේශීය දැනුමක් ඇති පුද්ගලයෙකුගේ සේවය ලබා ගැනීමටයි. ඉයන්ට එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් ඇති අතර, ඔහුගේ දායකත්වය මෙම තීරණාත්මක සංචාරයේදී අපගේ කණ්ඩායමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා“ යැයි  බෙල්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee