slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
චමරි තෙවැනි වතාවටත් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

sinhala editor

ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුව නම් කරනු ලැබ තිබේ.

මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රීඩිකාවන් වන ෂෆලි වර්මා සහ ස්මිත්‍රී මන්දනා ද සම්මාන සඳහා නිර්දේශ වී සිටියද ඔවුන් දෙදෙනා අභිබවමින් තෙවැනි වතාවටත් එම සම්මානයට හිමිකම් කීමට චමරි සමත්ව සිටින්නීය. චමරිට අමතරව මෙම සම්මානය තෙවතාවක් දිනා ගැනීමට සමත්ව සිටින්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලී ගාඩ්නර් සහ බටහිර ඉන්දීය දූපත් ක්‍රීඩිකා හේලි මැතිව්ස් වෙති.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ චමරි පිත්තෙන් ලකුනු 304 ක් රැස් කර ඇත්තේ 101.33 ක සාමාන්‍යයක් සහ 146.85 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනි. මෙම ලකුණු 304 සඳහා මැලේසියාවට එරෙහිව රැස් කරන ලද ශතකයත් ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව රැස් කරන ලද අර්ධ ශතකත් ඇතුළත් වේ.

“තුන්වැනි වතාවටත් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව ගොඩක් සතුටට පත් වෙනවා. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ගේ සහයෝගය ඇතිව ලබා ගත් මේ උත්සාහය නිසා එවැනි පිළිගැනීමක් අන්තර්ජාතික ක්‍රිකට් සබාව විසින් අඛණ්ඩව ලබා දීම සතුටට කරුණක්“ යැයි චමරි පවසන්නීය. “මෙම පිළිගැනීම මගේ රටේ විතරක් නොවෙයි. වෙනත් රටවල ක්‍රිකට් ක්‍රීඩා කරන සහ තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ගැහැණු ළමුන් දහස් ගණනකට ධනාත්මක පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ හරහා ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන දායකත්වය සහ කැපවීම යම් දිනෙක ප්‍රතිළුල ලබා දෙන බවට ඔවුන් දන ගනිවී“ යැයිද චමරි වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee