slc
logo
Home   |    News
අගෝස්තු 20, 2024
චමරි සහ අචිනි ශ්‍රී ලංකාව දිනවති

sinhala editor

ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු තෙවැනි එක්දින තරගයේදී චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන කොට අයර්ලන්තයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය 1-2 ක් ලෙස අද (20 දා) අවසන් කර ගත්තේය.

බෙල්ෆාස්ට්හි පැවැති මෙම තරගයේදී අචිනි කුලසූරියගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 122 කට අයර්ලන්ත පිල නවතාලීමට ශ්‍රී ලංකා පන්දු බලකායට හැකියාව ලැබිණ. තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කළ සිටි අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියෝ අදාළ ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී රැස් කර ගත්තේ 24 වැනි පන්දුවාරයේ පළමු පන්දුව යැවීමත් සමඟය.

පළමු කඩුල්ල සදහා විශ්මි ගුනරත්න සමඟ ලකුණු 32 ක සම්බන්ධතාවක් පැවැත්වූ ශ්‍රී ලංකා නායිකාව දෙවැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම සමඟ ලකුණු 62 ක් එක් කළේ පහසු ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට විවර කර දෙමිනි. ඒ සඳහා ඔවුන් පන්දු 69 ක් පමණක් වැය කළේය. ලකුණු 48 ක් ලබා සිටියදී චමරි එල්ල කරන ලද පහර උඩපන්දුවක් ලෙසින් ඇදී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍යව පැවැතියේ ලකුණු 29 ක් පමණි. මුහුණ දුන් 49 වැනි පන්දුවේදී චමරි දැවී ගියද හර්ෂිතාට එක් වුණු කවීෂා දිල්හාරි සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කළහ.

චමරිට පසු කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා පන්දු 56 කදී නොදැවී ලකුණු 48 ක් රැස් කර ගත්තාය. ඊට හතරේ පහර 7 ක් ද ඇතුළත් කර ගනිමිනි. ඇයට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 10 ක් ලබා සිටියාය.

තරගයේ පළමු පන්දු 2 දී කඩුලු 2 ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවකට පැමිණිමට අචිනි කුලසූරිය සමත්වූවාය. පළමු පන්දුවේදී සාරා ෆෝබ්ස් ද දෙවැනි පන්දුවේදී ඇමී හන්ටර්ව අචිනි දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට එක් කර දුන්නාය. මෙම සාර්ථකත්වය මත ඉතා හොඳින් පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 28 ක් ඇතුළත දවා ගත්තේ විටෙක ලකුණු 75 සීමාව හෝ පසු කර යෑම අයර්ලන්තයට අවධානමකට ඇද දමමිනි. කෙසේ වෙතත් අවසන් පිතිකාරිණියන් 5 දෙනා එක්ව ලකුණු 79 ක් රැස් නොකරන්ට ඔවුනට ලකුණු 100 සීමාව ඉක්මවාලීමද අවධානම් සහගත විය.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු අචින කුලසූරිය ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගන්නා විට නායිකා අතපත්තු ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඔවුන් දෙපළ හැරුණු කොට සචිනි නිසංසලලා ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත්තාය. තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් චමරි අතපත්තු පිදුම් ලැබූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අයර්ලන්ත පිලේ අර්ලින් කෙලී සම්මාන දිනාගත්තාය.

අයර්ලන්තය පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 122 යි

අර්ලින් කෙලී 35, අලිස් ටෙක්ටර් 17, ෆ්‍රෙයා සර්ජන්ට් 16, අයිමී මේගර් 10*, ලීයා පෝල් 19, අචිනි කුලසූරිය 35/3, චමරි අතපත්තු 15/3, සචිනි නිසංසලා 35/2, අමා කාංචනා 14/1, ඉනෝෂි ප්‍රියදර්ශනී 07/1

ශ්‍රී ලංකාව පන්දුවාර 23.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 123 යි

චමරි අතපත්තු 48, හර්ෂිතා සමරවික්‍රම 48*, කවීෂා දිල්හාරි 10*, විශ්මි ගුණරත්න 09, අවා කැනිං 14/1, ෆ්‍රෙයා සර්ජන්ට් 38/1

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee