slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

sinhala editor

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් අවුරුදු 19 න් පහළ යෙවෙුන් කණ්ඩායමක් ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් 2024 තරගාවලිය මේ අගෝස්තු මස 21 වැනිදා සිට 30 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ජාතික මට්ටමෙ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනු ලැබෙන පළමු අවස්ථාව ලෙසින් සටහන් වන මෙම තරගාවලියේදී කැන්ඩි, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම්, සාලියපුර සහ සමාධි යන ක්‍රීඩාංගණවලදී තරග වදිනු ඇත. තරගාවලිය අගෝස්තු 30 වැනි දින අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේ නිමාවට පත් වනු ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමක්ම මූලික තරග වයට යටතේ තරග 4 කට සහභාගිවනු ඇත. ලීිග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහිදී පෙරමුණ ගන ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය නැරඹීමට උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලීන්ට අගෝස්තු 30 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සියලුම තරග නැරඹීමේ අවස්ථාව, නොමිළේ උදාවනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee