slc
logo
Home   |    News
අගෝස්තු 25, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් වාර්තා කරයි

sinhala editor


ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 මූල්‍ය වර්යේ රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් වාර්තා කළ බව විගණනය කළ මුල්‍ය ප්‍රකාශයන් පිළිබිඹු කළේය. එය පෙර වසරට සාපේක්ෂව සියයට 105ක කැපී පෙනෙන වර්ධනයකි. එම විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්තාව අද දින (අගෝස්තු 24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති අති විශේෂ මහා සභා රැස්වීමේදී සාමාජික සංගම් සියල්ල ඒකමතිකව අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ශුද්ධ ආදායමේ සැලකිය යුතු වැඩිවීමට මූලික වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග හතරක් බලපෑවේය. ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග, අනුග්‍රාහක ගිවිසුම් සහ වාර්ෂික ගෙවීම් යන අංශවලින් ශුද්ධ ආදායම සැලකිය යුතු ලෙස වැඩිවී ඇත.

2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිය විගණක වාර්තාවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය නීති සහ මූල්‍ය විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම අගය කොට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අති විශේෂ මහා සභා රැස්වීමේදී පෙන්වා දුන්නේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee