slc
logo
Home   |    News
අගෝස්තු 5, 2024
ශ්‍රී ලංකා කාන්තා පිල හෙට අයර්ලන්තයට

sinhala editor

අයර්ලන්තයට එරෙහි සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 ක් සඳහා වර්තමාන ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 06 වැනිදා (හෙට) අයර්ලන්තය බලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කාන්තා කණ්ඩායම ප.ව. 4.15 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ වෙත පිටත්ව යෑම ආරම්භ කරනු ඇත. කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු මේ වන විටත් එංගලන්තයේ පැවැත්වෙන ‘හන්ඩ්‍රඩ්‘ ක්‍රිකට් තරගාවලිය නියොජනය කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු අදාළ තරග සංචාරය සදහා නම් කරන ලද කණ්ඩායම සාමාජිකාවන් 16 දෙනෙකුගෙන් යුක්ත වෙයි. ඉකුත්දා ආසියානු කුසලාන ශූරතාව දිනූ කණ්ඩායමට ඇතුළත්ව සිටි සාමාජිකාවන් 16 දෙනාම මෙම තරගාවලියට ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි.

මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් තරගාවලිය ලෙසින් පැවැත්වෙන බැවින් මෙය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරගාවලියකි. විස්සයි-20 තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 අගෝස්තු 11 වැනිදා සහ 13 වැනිදා ඩබ්ලින්හිදී පැවැත්වෙන අතර අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත. අගෝස්තු 16 වැනිදා පළමු එක්දින තරගයත්අගෝස්තු 18 වැනිදා දෙවැනි එක්දින තරගයත් අගෝස්තු 20 වැනිදා තෙවැනි එක්දින තරගයත් බෙල්ෆාස්ට්හිදී පැවැත්වේ. එම තරගාවලි අවසන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 22 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍ර බෝධනී, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂානි නුත්‍යාංගනා.

තරග කාලසටහන දිනය    තරගය  ක්‍රීඩාංගණය අගෝස්තු 11    පළමු විස්සයි-20 තරගය   ඩබ්ලින් අගෝස්තු 13     දෙවැනි විස්සයි-20 තරගය ඩබ්ලින් අගෝස්තු 16     පළමු එක්දින තරගය – බෙල්ෆාස්ට් අගෝස්තු 18     දෙවැනි එක්දින තරගය – බෙල්ෆාස්ට් අගෝස්තු 20     තෙවැනි එක්දින තරගය – බෙල්ෆාස්ට්

 

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee