slc
logo
Home   |    News
අගෝස්තු 18, 2024
සිව්දින පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

sinhala editor

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි එකම සිවුදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්ත ලයන්ස් කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය. වූස්ටර්හිදී පැවැති මෙම තරගයේදී ලකුණු 122 ක ඉලක්කයක් කරා ගිය ලයන්ස් පිතිකරුවෝ සිව්වැනි දිනයේදී කඩුලු 3 ක් පමණක් ලබා දෙමින් රැස් කර ගැනීමට සමත්විය.

ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් දිනය ආරම්භයේදී ලකුණු 17 ක් ලබා සිටි ආරම්භක පිතිකරු රොබ් යේට්ස් අර්ධ ශතකයක් ලබා ගනිමින් සමත්වීය. තරගය නිමා වන විට ඔහු පන්දු 68 කට ක්‍රීඩා කර තිබුණේය. ලකුණු 75 ක් පිටුපසින් සිට සිව්වැනි දිනය ආරම්භ කළ ලයන්ස් කණ්ඩායම, එම දිනයේදී එක් කඩුල්ලක් පමණක් පිරිනමනින් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. එම දිනයේදී දැවී ගිය එකම පිතිකරුවා වූ හම්සා ෂෙයික් මිලාන් රත්නායක විසින් දවා ගත්තේය.

ෂෙයික්ගේ දැවී යෑමෙන් යේට්ස්ට එකතු වූ ජේම්ස් රූ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු53 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. තරගය නිමා කරන විට රූ පන්දු 41 කදී ලකුණ 23 ක් රැස් කරගෙන සිටියේය.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 139 යි

දිමුත් කරුනාරත්න 26, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12, ප්‍රභාත් ජයසූරිය 20, මිලාන් රත්නායක 17, නිශාන් මදුෂ්ක 11, ඇන්ජලෝ මැතිව්ස් 11, ධනංජය ද සිල්වා 02, සදීර සමරවික්‍රම 08, කසුන් රජිත 08*, ළහිරු කුමාර 01, ජොෂ් හුල් 30/3, සමන් අක්ටර් 32/5

එංගලන්ත ලයන්ස් පලමු ඉනිම ලකුණු 324 යි රොබ් යේට්ස් 25, බෙන් මැකිනි 46, ඔලිවර් ප්‍රයිස් 22, හම්සා ශයික් 91, ජේම්ස් රූ 22, ෆර්හාන් අහමඩ් 13, ලින්ඩන් ජේම්ස් 08, කේසි අල්ඩ්‍රිජ් 78, සමන් අක්ටර් 00, අජීත් සිං 01, ජොෂ් හුල් 03, ප්‍රභාත් ජයසූරිය 102/5, කසුන් රජිත 51/2, ළහිරු කුමාර 92/1, මිලාන් රත්නායක 65/1 ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 306 යි නිශාන් මදුෂ්ක 77, දිමුත් කරුණාරත්න 43, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 51, කුසල් මෙන්ඩිස් 03, ඇන්ජලෝ මැතිව්ස් 51, දිනේෂ් චන්දිමාල් 00, ධනංජය ද සිල්වා 66, සදීර සමරවික්‍රම 66, සදීර සමරවික්‍රම 25, ප්‍රභාත් ජයසූරිය 07, මිලාන් රත්නායක 10, කසුන් රජිත 02, ළහිරු කුමාර 04, ෆර්හාන් අහමඩ් 87/3, ලින්ඩන් ජේම්ස් 34/2, ජොෂ් හුල් 44/2, සමන් අක්ටර් 59/2

එංගලන්ත ලයන්ස් පිල දෙවැනි ඉනිම කඩුුලු 3 ට ලකුණු 122 යි

රොබට් යේට්ස් 57*, බෙන් මැකිනි 20, ජේම්ස් රූ 23*, ධනංජය ද සිල්වා 37/2, මිලාන් රත්නායක 24/1

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee