ශ්‍රී ලංකා කාන්තා ක්රිිකට් ඉතිහාසයේ ශතකයක් ලද තෙවැනි ක්‍රීඩිකාව බවට පත් වෙමින් හර්ෂිතා සමරවික්‍රම සුපිරි පිතිහරඹයක් දියත් කළද අත්‍යඅවශ්‍ය මොහොතේදීම කඩුලු අතර දිව යෑමට ගොස් කඩුල්ල අහිමි කර ගැනීම නිසා අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 15 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. මේ සමඟම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ලකුණු 256 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 02 ක් ලබා සිටියදී දැවී ගිය අතර නායිකා චමරි අතපත්තුටද රැස් කර ගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. මොවුන් දෙදෙනාම දැවී යන විට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට ලකුණු 46 ක් වශයෙනි.
කෙසේ වෙතත් තෙවැනි කඩුල්ලට එක් වුණු හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ලකුණු 126 ක අනගි සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වී නිසා තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතු කර ගැනීමට හැකියාව ලැබිණ. මෙහිදී පන්දු 124 කට මුහුණ දුන් හර්ෂිතා ලකුණු 105 ක්ද කවීෂා දිල්හාරි ස්දු 71 කදී ලකුණු 53 ක් රැස් කිරීමට සමත්වූහ.
මොවුන් දෙදෙනාගේ අගනා සම්බන්ධතාව නිසා විටෙක ශ්‍රී ලංකාවට ජයග්‍රහණ සඳහා පන්දු 98 කදී අවශ්‍යව පැවැතියේ ලකුණු 84 ක් පමණි. ඒ වන විට ඔවුන් සතුව කඩුලු 8 ක්ම ඉතිරිව තිබිණ. කෙසේ වෙතත් අවශ්‍ය මොහොතේදීම හර්ෂිතාව දුවද්දී දවා ගැනීමට ෆෝබ්න් සහ හන්ටර් සමත්වීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විණ. හතරේ පහර 11 කින් පමණක් වර්ණවත් වුණු හර්ෂිතාගේ ශතකය කියැවුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩිකාවක් වාර්තා කරන ලද තෙවැනි ශතකය ලෙසිනි. එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හර්ෂිතාට පෙර ශතක වාර්තා කිරීමට සමත්ව සිටින ක්‍රීඩිකාවන් වන්නේ වත්මන් නායිකා චමරි අතපත්තු සහ අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් විශ්මි ගුණරත්න පමණි.
එම දැවී යෑමෙන් පසු යළිත් තරගයේ පාලනය අතර ගත් එංගලන්ත පන්දු යවන්නියන් අතරින් අඅර්ලීන් කෙලී කඩුලු 3 ක්ද ජෝන් මේගර් කඩුලු 2 ක්ද දවා ලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හඹා යෑම ලකුණු 240 කදී නවතා දැමූහ. මැද පෙළින් පන්දුවට පහර දුන් නිලක්ෂි සිල්වා පන්දු 21 කදී ලකුණු 24 ක ලබා කඩුල්ලේ රැදී සිටියද ඇයට සහායක් ලබා දීමට සෙසු පිතිාරිණියන්ට නොහැකිවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 2 ක් ඉතිරිව තිබියදී හෙවත් 48 වැනි පන්දුවාරය අවසන් වත්ම නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට අයර්ලන්ත පන්දු යවන්නියෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු පන්දු යැවීමට තීරණය කළ නමුත්, අයර්ලන්ත ක්‍රීඩිකාව පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 255 ක් රැස් කර ගත්හ. ඉනිම ආරම්භයේ සිටිම මැනවින් පන්දු යැවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 31 වැනි පන්දුවාරයේදී සිව්වැනි කඩුල්ල දවා ගන්නා තෙක්ම රැස් කරගෙන සිටියේ ලකුණු 134 කි.
එතැනින් පසු තරගයේ පාලනය අතට ගත් රෙබෙකා සහ ලියා පන්දු 112 කින් ලකුණු 114 ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට නොදැනීමය. පන්දු 101 කට මුහුණ දුන් ලියෝ පෝල් ලකුණු 81 ක්ද ඇයට සහයෝගය ලබා දුන් රෙබෙකා පන්දු 61 කදී ලකුණු 53 ක් රැස් කළහ.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පන්දු යවන්නියන් දෙදෙනා වන උදේශිකා ප්‍ර බෝධනී සහ අචිනි කුලසූරිය පන්දුවාර 12 ක් යවමින් අයර්ලන්ත ආරම්භය ලකුණු 44 කට සීමා කළේ කඩුල්ලක්ද දවා ගනිමිනි. පන්දු යැවීමේදී අචිනි කුලසූරිය ලකුණු 48 කට කඩුලු 2 ක්ද කවීෂා දිල්හාරි ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණි. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් අතිරේක ලකුණු 19 ක්ද ප්‍රතිවාදී කණ්ඩායම වෙත ලබා දීම දැඩි පාඩුවක් ගෙන දුන්නේය. ඉන් 10 ක් වයිඩ් පන්දු ලෙසද 9 ක් පා ලකුණු ලෙසින්ද සනිටුහන් ව තිබිණ.
අයර්ලන්තය පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු 255 යි
ඇමී හන්ටර් 66, ලීයා පෝල් 81, රෙබෙකා ස්ටොකෙල් 53*, ක්‍රිස්ටිනා රෙලී 24, අචිනි කුලසූරිය 48/2, කවීෂා දිල්හාරි 35/2
ශ්‍රී ලංකාව පන්දුවාර 48 කදී ලකුණු 240 යි
හර්ෂිතා සමරවික්‍රම 105, චමරි අතපත්තු 22, කවීෂා දිල්හාරි 53, හසිනි පෙරේරා 14, නිලක්ෂි සිල්වා 24*, අර්ලින් කෙලී 41/3, ජේන් මේගර් 33/2, ප්‍රෙන්ඩගාස්ට් 301, අයිමී මේගර් 49/1, ෆ්‍රෙයා සර්ජන්ට් 46/1