slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
පළමු වතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ක්‍රිකට් තරගාවලියක්

sinhala editor

2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් අවුරුදු 19 න් පහළ යෙවෙුන් කණ්ඩායමක් ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් 2024 තරගාවලිය මේ අගෝස්තු මස 21 වැනිදා සිට 30 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ජාතික මට්ටමෙ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනු ලැබෙන පළමු අවස්ථාව ලෙසින් සටහන් වන මෙම තරගාවලියේදී කැන්ඩි, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම්, සාලියපුර සහ සමාධි යන ක්‍රීඩාංගණවලදී තරග වදිනු ඇත. තරගාවලිය අගෝස්තු 30 වැනි දින අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේ නිමාවට පත් වනු ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමක්ම මූලික තරග වයට යටතේ තරග 4 කට සහභාගිවනු ඇත. ලීිග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහිදී පෙරමුණ ගන ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය නැරඹීමට උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලීන්ට අගෝස්තු 30 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සියලුම තරග නැරඹීමේ අවස්ථාව, නොමිළේ උදාවනු ඇත.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee