slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2024
එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?

sinhala editor

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග 2 ම එංගලන්ත කණ්ඩායම ජය ගෙන තිබීම නිසා ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොත්තුවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙටින් ආරම්භ වන තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.

එහෙත් ගැටලුව වන්නේ එංගලන්ත තණතීරුවල ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට ඒමට තවමත් අපොහොසත්වීමයි. ඊට ප්‍රධානම හේතුව නම් එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් දක්වනු ලබන අතිෂය දුර්වල පිතිහරඹය වේ. මෙතෙක් පැවැති ටෙස්ට් තරග 2 දී ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ පසුබෑමකට ලක් වූයේද කිවහොත් ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුු 40 න් 32 ක්ම වේග පන්දු යවන්නන් හමුවේ පිරිනමා තිබීමයි.

ටෙස්ට් තරගයක වැඩි වාසි අත්කර ගැනීමට නම් මුල් ඉනිමේ වාසිය ලබා ගැනිමට පිතිකරුවන් වග බලා ගත යුතු නමුත් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල් කඩුලු 5 ම ලකුණු 75 ක් ඇතුළත බිඳ වැටිණ. දෙවැනි ටෙස්ට් තරගයේදීත් අත්වූයේ එම ඉරණමම විය. එම තරයේදීත් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 6 ක් ම අහිමි කර ගත්තේ ලකුණු 87 ක් ඇතුළතදීය. එවන් තත්ත්වයක් මත දින 5 ක ටෙස්ට් තරගයක් ජය ගැනීම අතිශය අසීරු කටයුත්තක් බව හෙට තරගයේදී හෝ ශ්‍රී ලංකා පිතිකරුවන් වගබලා ගත යුතු වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදීත් යළිත් වෙනස්කම් දෙකක් සමඟින් තරගයට අවතීර්ණවීමේ සූදානමකින් සිටියි. එහිදී දෙවැනි තරගයේදී ස්ථානය අහිමිවුණු කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දුව හෙට තරගය සඳහා කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් මදුෂ්කට සහ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියට ස්ථාන අහිමිව තිබේ. තරගයට පැය 24කට පෙර හෙට ක්‍රීඩා කරන කණ්ඩායම ප්‍රසිද්ධියට පත් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබෙන බැවින් එහිදී මෙම තීරණ ගත් බව සඳහන් වේ.

කෙසේ වෙතත් හෙට ආරම්භ වන තරගය දිමුත් කරුණාරත්නට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ට අතිශය වැදගත් තරගයක් බවට පත්වන්නේ මෙය ඇතැම් විට ඔවුන්ගේ ටෙස්ට් තරග දිවියේ එංගලන්තය තුළ ක්‍රීඩා කරනු ලබන අවසන් ටෙස්ට් තරගය බවට පත්වීමට ඉඩ ඇති බැවිනි. ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයේදී ටෙස්ට් ශතකයක් ලබා ගැනීම පිතිකරුවකට සිය ටෙස්ට් තරග දිවියේ සදාතනික මතකයක් එක් කරන්නක් බැවින් එහි එක් මතකයක් මැතිව්ස්ට තිිබේ. ඒ ඔහු එංගලන්තයේදී ශතකයක් රැස් කිරීමට සමත්ව ඇති බැවින්. එහෙත් දිමුත් කරුණාරත්න තවමත් එංගලන්තයේදී ටෙස්ට් ශතකයක් රැස් කරගෙන නොමැති බැවින් එම අඩුව පුරවාලීමට ඔහු සමත් වුවත් එය ඔහුගේ ටෙස්ට් තරග දිවිය පමණක් නොව හෙට තරගයේදී ශ්‍රී ලංකාවටද වැඩි වාසි අත්කර ගැනීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 ට අමතරව ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියද 3-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්ව ඇති බැවින් ඔවුන් පිට පිටම පැවැති ිතරග 5 ම ජය ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව ඔවුන් හෙට තරගයද ජය ගතහොත් ඔවුන් මෙවර වසන්ත සෘතුවේ වාර්තා කර ගනු ලබන 6 වැනි ටෙස්ට් තරග ජය වනු ඇත. එංගලන්තයේ ජයග්‍රාහී ගමනට තිත තැබීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එය ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා වැඩි අවස්ථාවක් උදාකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රසාද ලකුණු එකතු කර ගැනීමේ හැකියාව පවතිනු ඇත.

එංගලන්තය හෙට තරගයට තවත් වේග පන්දු යවන්නකු කැඳවා තිබේ. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර පැවැති සිව්දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ පරාජය ඉක්මන් කරවූ වමත් වේග පන්දු යවන ජොස් හල්ව කැඳවීමට තීරණය කර තිබේ. ඔහු අඩි 6 යි අඟල් 7 ක් උස ක්‍රීඩකයෙක් වේ. එම පුහුණු තරගයේදී ඔහු ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ගෙන එමින් ලකුණු 74 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.

එංගලන්ත කණ්ඩායම – ඩෑන් ලෝරන්ස්, බෙන් ඩකට්, ඔලී පෝප් (නායක), ජො රූට්, හැරී බෘෘක්, ජෙමී ස්මිත්, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, ඔලී ස්ටෝන්, ෂොයෙබ් බෂීර්, ජොෂ් හල්.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee