slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2024
එස්.එස්.සී සහ ටැමිල් යුනියන් මුල් ඉනිමේ දී ඉදිරියෙන්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන මේජර් අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී එස්.එස්.සී. සහ ටැමිල් යුනියන් කණ්ඩායම් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් සිටීමට සමත් විය.

 එස්.එස්.සී සහ කැන්ඩි කස්ටම් අතර තරගයෙන් එස්.එස්.සී ද ටැමිල් යුනියන් – චිලව් මේරියන්ස් තරගයෙන් ටැමිල් යුනියන් ද මෙලෙස තම ප්‍රතිවාදීන් අභිබවා ඉදිරියෙන් පසුවිය.

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – නුගේගොඩ තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ හිරුණ ගාල්ලගේ ලකුණු 102ක් (පන්දු 93යි හතරේ තුනයි හයේ අටයි) ශතකයක් රැස් කිරීමෙන් කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 9කට ලකුණු 355ක් රැස් කිරීමට අවස්ථාව සළසා දුන්නේය.

 එන්.සී.සී. කණ්ඩායමේ සම්පත් නිශ්ශංක (29/5) සහ කළණ පැතුම් (52/4) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පන්දු යැවීමේදී පෙන්වු විශිෂ්ට දක්ෂතා මත කුරුණෑගල යූත් මුල් ඉනිමේ දී දැවී ගියේ ලකුණු 99ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකටය.

 දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී බී.ආර්.සී. නායක රවිඳු ගංගානාත් (73) සහ දිනුර අබේවික්‍රම (56) පස්වන කඩුල්ලට ලකුණු 113ක සබඳතාවයක් තබා ගැනීමෙන් එම කණ්ඩායමට අසීරු තත්ත්වයෙන් මිදී කඩුලු 8ට ලකුණු 221ක් කරා යාමට අවස්ථාව සැළසිණි.

 මුවර්ස් – ඒස් කැපිටල් තරගයේ දී මුවර්ස් නායක ජනිෂ්ක පෙරේරා මුවර්ස් ක්‍රීඩාංගණයේ දී පන්දු 100කදී හතරේ හයක් හයේ දෙකක් සමඟ ලකුණු 94ක් රැස්කර තම කණ්ඩායමට කඩුලු 9කට ලකුණු 329ක් කරා යාමට අවස්ථාව උදාකර දුන්නේය.

  • චිලව් මේරියන්ස් – ටැමිල් යුනියන් (ටැමිල් යුනියන්ට මුල් ඉනිමේ ජය)

 චිලව් මේරියන්ස් මුල් ඉනිම සියල්ල දැවී 228 (පන්දුවාර 77) – (අෂේන් රුද්‍රිගෝ 50, කවිඳු නිර්මාණ 30, පැතුම් සමිඳ නොදැවී 34, තිමිර ඉරුෂ්ක 26, ජනෙත් කෞෂාල් 26, සචින් සුරේෂ් 18, කවිඳු දිල්හාර 43/3, තීෂාන් විතුෂාන් 79/3, විහස් තෙව්මික 71/2යි)

 ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී 282 (පන්දුවාර 71.5) – (දසිස් මංචනායක 76, ඉසිවර දිසානායක 56, තෙවිඳු සේනාරත්න 37, විජයකාන්ත් වියස්කාන්ත් 32, විහස් තෙව්මික 22, සිනෙත් ජයවර්ධන 18, කවිඳු දිල්හාර නොදැවී 17, තිමිර ඉරුෂික 103/4, චමෝද් සඳරු 81/5යි)

 චිලව් මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 5ට 110 (පන්දුවාර 31යි) – (අභිෂේක් ලියනආරච්චි 52, සචින් සුරේෂ් 37, විහස් තෙව්මික 21/4)

  • කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. (එස්.එස්.සී. ට ප්‍රථම ඉනිමේ ජය)

කැන්ඩි කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී 231 (පන්දුවාර 58.2) – (සහන් කෝසල 109, සෙනාෂ් ප්‍රනාන්දු 45, සදීෂ් ජයවර්ධන 26, කවිඳු නදීෂාන් 55/4, නිම්නක ජයතිලක 83/3, ෂෙහාන් හසරංග 40/2)

 එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 9ට 302 (පන්දුවාර 58.1යි) – (රනුද සෝමරත්න 83, රවිඳු නදීෂ 59, චමිඳු වික්‍රමසිංහ 57, සදීෂ රාජපක්ෂ 44, හිරුෂ දෙව්මික 98/4, ශක්ති උදාර 100/3යි)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 146 (පන්දුවාර 42යි) – (සළිඳු පතිරණ 37, හිරුෂ දෙව්මික 31, රන්දුල් සමරහේවා 26, සදීෂ චමෝද්‍ය 20, සදීෂ රාජපක්ෂ 17/2, නිම්නක ජයතිලක 39/3, කවිඳු නදීෂාන් 24/2)

 එස්.එස්.සී. දෙවන ඉනිම කඩුලු 3ට 51 (පන්දුවාර 6.1යි) – (ෂෙවොන් ඩැනියල් 20, නෙතුල එදිරිමාන්න නොදැවී 19, හිරුෂ දෙව්මික 27/3)

  • මුවර්ස් – ඒස් කැපිටල්

 මුවර්ස් මුල් ඉනිම කඩුලු 9ට 329යි (පන්දුවාර 73.2යි) – (ජනිෂ්ක පෙරේරා 94, විෂාර ප්‍රනාන්දු 54, යේසිත් රූපසිංහ නොදැවී 46, ඔමේෂ් මෙන්ඩිස් 44, රවිෂාන් ද සිල්වා 35, රොහාන් සංජය 22, සිනෙත් දිසානායක 76/3, කවිඳු අමන්ත 115/2)

  • බී.ආර්.සී – පොලිසිය

 බී.ආර්.සී මුල් ඉනිම කඩුලු 8ට 221යි (පන්දුවාර 68.5යි) – (රන්දුනු ගංගානාත් 73, දිනුරු අබේවික්‍රම 56, ලිනාල් සුබසිංහ 20, රිසී අධිෂ්ටාන් නොදැවී 16, දමිත් කැප්පෙගොඩ 61/3, සංගීත් සංකල්ප 60/3)

  • කුරුණෑගල යූත් – එන්.සී.සී.

 කුරුණෑගල යූත් මුල් ඉනිම 99යි (පන්දුවාර 28.5) – (වතිල උදාර 35, සත්සර ගමගේ 18, රශ්මික මධුශංක 18, සුධීර වීරරත්න 16, සම්පත් නිශ්ශංක 29/5, කළණ පැතුම් 52/4යි)

 එන්.සී.සී. මුල් ඉනිම කඩුලු 7ට 174 (පන්දුවාර 49.5යි) – (තිසර ඒකනායක නොදැවී 70, විනුක රූබසිංහ 74, දිනුක තෙන්නකෝන් 34/4, ගයන වීරසිංහ 22/2)

  • කෝල්ට්ස් – නුගේගොඩ

  කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 9ට 355 (පන්දුවාර 76.4) – (හිරුණ ගාල්ලගේ 102, ෂාලින් ද මෙල් 64, ෂෙරාන් ෆොන්සේකා 44, සුකිත මනෝජ් 42, හිරුන් කපුරු බණ්ඩාර 39, විශ්ව සුපුන් 36, මියුරු හෙෂාන් 63/4, මනුජ චන්තුක 95/3)

 නුගේගොඩ මුල් ඉනිම කඩුලු 1ට 7යි

  • පාණදුර – බදුරලිය

  පාණදුර මුල් ඉනිම කඩුලු 3ට 86 (පන්දුවාර 17.2) – (කාංචන ඩි ලිවේරා නොදැවී 41, දුරන්ක සිල්වා 34, නිර්මල රත්නායක 8/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee