slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2024
 ඔමේෂ් මෙන්ඩිස් – මිනෙත් ප්‍රේමරත්න ශතක වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) තවත් තරග හතක් ආරම්භ වු අතර එහිදී මුවර්ස් කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න ශතක රැස් කිරීමට සමත් වුහ.

 මුවර්ස් සහ ටැමිල් යුනියන් අතර තරගයේ දී මුවර්ස් නායක ඔමේෂ් මෙන්ඩිස් පන්දු 102කට මුහුණ දී හතරේ අටක් සහ හයේ පහරක් සමඟ ලකුණු 117ක් ද බ්ලුම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ කඩුලු රකින මිනෙත් ප්‍රේමරත්න පන්දු 169කට මුහුණ දී හතරේ 14ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 103ක් ද ලැබීය.

 මුවර්ස් සහ ටැමිල් යුනියන් අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වු විජයකාන්ත් වියස්කාන්ත් මුවර්ස් පිතිකරුවන් හයදෙනකුම දවාලීම මෙදින පන්දු යවන්නන් අතර හොඳම පන්දු යැවීම ලෙස වාර්තා විණි.

 පාණදුර සහ කෝල්ට්ස් අතර තරගය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර පාණදුර මුල් ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 155ට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් දිනය නිම වන විට කඩුලු හයකට ලකුණු 141ක් ලබා පසුවිය.

 එස්.එස්.සී. – රාගම තරගයේ දී එස්.එස්.සී. නායක ෂෙවොන් ඩැනියල් ලකුණු 88ක් ද නෙතුල එදිරිමාන්න ලකුණු 92ක් ද ලබා පන්දුවට පහරදීමේ දී කැපී පෙනුණි. මෙදින එස්.එස්.සී. පිතිකරුවන් සිව්දෙනකුම අර්ධ ශතක වාර්තා කළහ.

  • මුවර්ස් – ටැමිල් යුනියන්

 මුවර්ස් මුල් ඉනිම සියල්ල දැවී 354 (පන්දුවාර 72) – (ඔමේෂ් මෙන්ඩිස් 117, යේසිත් රූපසිංහ 92, විෂාර ප්‍රනාන්දු 46, සෙනිත හැළඹගේ 32, හරිඳු ජයසේකර 28, විජයකාන්ත් වියස්කාන්ත් 139/6, තීෂාන් විතුෂාන් 122/3යි)

 ටැමිල් යුනියන් මුල් ඉනිම කිසිවකු නොදැවී 04 (පන්දුවාර 05)

  • ඒස් කැපිටල් – එන්.සී.සී

 ඒස් කැපිටල් මුල් ඉනිම කඩුලු 6ට 119 (පන්දුවාර 33) – (කවිඳු අමන්ත 49, හිරාන් ජයසුන්දර 26, සකුන ලියනගේ 25, බ්‍රයන් හංසජ 37/2, යෙනුල දෙව්තිසා 11/2)

  • කුරුණෑගල යූත් – බී.ආර්.සී

 කුරුණෑගල යූත් මුල් ඉනිම කඩුලු 6ට 215 (පන්දුවාර 68.2) – (යසිත පල්ලියගුරු 44, රශ්මික මධුශංක 37, සත්සර ගමගේ 36, බුද්ධිම සහන් 29, දේශාන් සෙනෙවිරත්න නොදැවී 27, සුධීර වීරරත්න 25, රන්දුනු ගංගානාත් 29/2, දිනුක වන්නිආරච්චි 75/2)

  • එස්.එස්.සී. – රාගම

එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 9ට 363 (පන්දුවාර 70.4) – (නෙතුල එදිරිමාන්න 92, ෂෙවොන් ඩැනියල් 88, කෙනුල ද සොයිසා 62, සසිඳු මල්ෂාන් 56, සදීෂ රාජපක්ෂ 24, රවීෂ දුලාංජන 80/3, එෂාන් මාලිංග 56/2, දසිත් ගුණතිලක 97/2)

 රාගම මුල් ඉනිම කඩුලු 1ට 15 (පන්දුවාර 04)

  • බදුරලිය – සී.සී.සී.

 බදුරලිය මුල් ඉනිම කඩුලු 8ට 153 (පන්දුවාර 60.5) – (රනේෂ් සිල්වා 43, දුනිත් ජයතුංග 37, සඳුන් මෙන්ඩිස් නොදැවී 30, ඉනුක කරන්නාගොඩ 27/3, දෙවිඳු කැකිරිදෙණිය 27/2, සඳුන් මෙන්ඩිස් 47/2)

 සී.සී.සී. කඩුලු 2ට 21 (පන්දුවාර 5.5)

  • පාණදුර – කෝල්ට්ස්

 පාණදුර මුල් ඉනිම සියල්ල දැවී 155 (පන්දුවාර 52.3) – (කවිඳු වික්‍රමසිංහ 40, දුරන්ක සිල්වා 34, යෂාන් අවිෂ්ක 18, යසිරු රුද්‍රිගෝ 37/3, ක්‍රිෂ්ණ ශ්‍රීරාන් 35/3, ප්‍රවීන් මතීෂ 40/2)

 කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 6ට 141 (පන්දුවාර 33) – (ගිත්මන් කොළඹගේ නොදැවී 41, හිරුණ ගාල්ලගෙ 30, සුකිත මනෝජ් 26, විශ්ව සුපුන් 18, නවිජ ඩී සේරම් 33/3, විශ්ව කුමාර 36/2)

  • බ්ලුම්ෆීල්ඩ් – කැන්ඩි කස්ටම්

 බ්ලුම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 9ට 193 (පන්දුවාර 65) – (මිනෙත් ප්‍රේමරත්න නොදැවී 103, තරිඳ ගුරුගේ 32, අසිත වන්නිනායක 28, සෙනාෂ් ප්‍රනාන්දු 36/5, ෂොන් රුද්‍රිගෝ 18/2)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee