slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2024
කොදෙව් පිලට එරෙහි තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගන්න ස්ථාන මෙන්න

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝම්බර් මස 06 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන Srilankacricket.lk යන අන්තර්ජාලය යොමුව ඔස්සේ පළමුව එම අළෙවි කිරීම ආරම්භ වන අතර අනතුරුව තරග ආරම්භ වන දිනට දින තුනක කාලයකට පෙර සිට එනම් ඔක්තෝම්බර් 10 වැනිදා සිට තරග ක්‍රියාත්මක රංගිරි දඹුලු ක්‍රීඩාංගණ පරිශ්‍රෙය් පිහිටුවා ඇති ප්‍රධාන ගේට්ටුව අසලදී අලෙවි කරන අතර තරග පැවැත්වෙන දින වලදී දඹුල්ල ප්‍රාදේශීය සභා පරිශ්‍රෙය්දී පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00 වන තෙක් අලෙවිය සිදුකෙරෙනු ඇත.

පන්දුවාර විස්සයි-20 තරගාවලිියෙන් පසු මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සදහා වන ප්‍රවේශපත්‍ර ඔක්තෝම්බර් මස 18 වැනි දින ආරම්භ කරන අතර, තරග පැවැත්වෙන දින වලදී පෙර පරිදිම පල්ලේකැලේ ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටා ඇති අභීත ක්‍රීඩාංගණයේදී පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.30 දක්වා ප්‍රවේශපත්‍ර අලෙවිය සිදුකෙරෙනු ඇත.

කෙසේ වෙතත් මෙම ස්ථාන දෙකට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේද ඔක්තෝම්බර් මස 10 වැනිදා සිට ප්‍රෙව්ශපත්‍ර අලෙවිය සිදුකරනු ලබන අතර එහිදී පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා වූ කාලයේදී ප්‍රවේශපත්‍ර මිලදීි ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත. එම ප්‍රෙව්ශපත්‍ර කවුලු කොළඹ 07, මෙට්ලන්ඩ් පෙදෙසේ විද්‍යා මාවතේ පිහිටුවා තිබේ.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණය
Level 3 – AC Box 16 දෙනෙකුට නැරඹිය හැකි                  10,000.00
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් Level 3                    5,000.00
බ්ලොක් A                    2,000.00
බ්ලොක් B                    2,000.00
බ්ලොක් C Lower                    2,000.00
බ්ලොක් C Upper                    1,000.00
බ්ලොක් D Lower                    2,000.00
බ්ලොක් D Upper                    1,000.00
බ්ලොක් E Lower                    2,000.00
බ්ලොක් E Upper                    1,000.00
බ්ලොක් F Lower                    2,000.00
බ්ලොක් F Upper                    1,000.00
බ්ලොක් H Lower                    2,000.00
සීගිරිය අන්තය (සිට ගනිමින්)                       500.00
           
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් Top AC Box 22 නැරඹිය හැකි                  10,000.00
A Lower                    2,000.00
B Lower                    2,000.00
ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් Top Level A                    5,000.00
නැගෙනහිර තෘණ පෙදෙස (ලකුණු පුවරු අන්තය)                       500.00
බටහිර තෘණ පෙදෙස                       500.00

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee