slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2024
කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්

sinhala editor


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කොළඹ - ගාල්ල අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට කොළඹ පිලට ආරාධනා කළ අතර, කොළඹ පිල කඩුලු 9කට ලකුණු 228ක් ඒක්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල පිල ලකුණු 101කට දවා ගැනීමට කොළඹ පිල සමත් විය. ගාල්ල පිලේ ඉනිම සුනු විසුණු කළ පා දඟ පන්දු යවන 23 හැවිරිදි කවිඳු නදීශාන් කඩුලු 5ක් බිදහෙලීමට සමත් වූවේය. 

කොළඹ පිල කඩුලු 9කට ලකුණු 228 (ඕවර් 50)
අවිශ්ක ප්‍රනාන්දු 44, ක්‍රිෂාන් සංජුල 25, දසුන් ශානක 21, අශේන් බණ්ඩාර 33, කවිඳු නදීෂාන් 29, දිලුම් සුධීර නොදැවී 20 (දුනිත් වෙල්ලාලගේ 43/2, අකිල ධනංජය 47/3, සනෝජ් දර්ශික 48/2)

ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 101 (ඕවර් 32.4)
සනෝජ් දර්ශික 32, රවිඳ රෂාන්ත 13 (දිලුම් සුධීර 24/2, චරිත් අසලංක 4/2, කවිඳු නදීශාන් 33/5

දඹුල්ල - ජැෆ්නා

හම්බන්තොටදී පැවති දඹුල්ල - ජැෆ්නා අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට ජැෆ්නා පිලට ආරාධනා කළ හෙයින් කඩුලු 7කට ලකුණු 312ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඔුල්ල පිල ලකුණු 242කට දැවී ගියේය. 

ජැෆ්නා පිලේ මොහොමඩ් ෂමාස් පන්දු 86කදී හයේ 5ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුවේය. මෙය මෙවර නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී පිතිකරුවෙකු වාර්තා කළ 5 වැනි ශතකයවීම විශේෂත්වයකි.

ජැෆ්නා පිල කඩුලු 7කට ලකුණු 312 (ඕවර් 50)
රොන් චන්ද්‍රගුප්ත 72, නිපුන් කරුණානායක 43, මොහොමඩ් ෂමාස් 112, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 58 ( ගයන වීරසිංහ 36/2)

දඔුල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 242 (ඕවර් 42.2)
ලසිත් කෘෘස්පුල්ලේ 31, පුලිඳු පෙරේරා 49, ගයන වීරසිංහ 84, දිනුර අබේවික්‍රමසිංහ 25 ( තේෂාන් විතූෂාන් 59/3, කල්හාර සේනාරත්න 36/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee