slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2024
කොළඹ පිල පිට පිට 5 වැනි ජයග්‍රහණය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල පන්දු 39ක් ඉතිරිව තිබියදී කඩුලු 3කින් හා ජැෆ්නා පිල පන්දු 215ක් ඉතිරිව තිබියදී කඩුලු 9කින් ජය වාර්තා කළහ. මෙම සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කොළඹ පිල මෙවර තරගාවලියේ පිට පිට ලැබු 5 වැනි ජයග්‍රහණය අද වාර්තා වීම විශේෂත්වයකි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කොළඹ – දඹුල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර,ඒ අනුව සියලු දෙනා දැවී ලකුණු 215ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල කඩුලු 7ක් දැවී ලකුණු 219ක් ලබා ජය වාර්තා කළේය. කොළඹ පිලේ පිතිකරුවන් ලකුණු 30ට වැඩියෙන් ලබා ඉනිම ශක්තිමත් කළහ.

දඹුල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 215 (ඕවර් 43.5)
නිශාන් මධුෂ්ක 25, ලසිත් කෘෘස්පුල්ලේ 30, ගයන වීරසිංහ 77, රවිඳු ප්‍රනාන්දු 17, දිනුර අබේවික්‍රමසිංහ 29, ලක්ෂාන් සඳකැන් 17, අතිරේක 18 ( නිසල තාරක 43/3, දිලුම් සුධීර 27/3, නිශාන් පීරිස් 25/2)

කොළඹ පිල කඩුලු 7කට ලකුණු 219 (ඕවර් 43.3)
නිපුන් ධනංජය 32, ෂෙවෝන් ඩැනියෙල් 32, ක්‍රිෂාන් සංජුල 14, චමිඳු වික්‍රමසිංහ 14, අශේන් බණ්ඩාර 39, ෂෙහාන් ප්‍රනාන්දු 16, කවිඳු නදීෂාන් නොදැවී 33, නිසල තාරක 14 (කසුන් රාජිත 33/2, දුෂාන් හේමන්ත 46/2)

ජැෆ්නා – කැන්ඩි

හම්බන්තොටදී පැවති කැන්ඩි – ජැෆ්නා අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි පිලට ආරාධනා කළ හෙයින් සියලු දෙනා දැවී ලකුණු 140ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි පිල කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා ජය මාවත පහසුවෙන් විවිර කර ගත්තේය.

ජැෆ්නා පිල අමාරුවේ දැමූ කල්හාර සේනාරත්න කඩුලු 3ක් හා නිපුන් මාලිංග, පුලින තරංග කඩුලු දෙක බැගින් බිදසහෙලා ගත්හ. කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 44කදී හයේ 2ක් හා හතරේ 12ක් සමඟ වේගවත් ලකුණු 77ක්, රොන් චන්ද්‍රගුප්ත පන්දු 38කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 51ක් ලබා ගත්හ.

කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 141 (ඕවර් 43.3)
කමීල් මිෂාර 36, සහන් ආරච්චිගේ 38, කවීන් බණ්ඩාර 21, නිම්සර අතරගල්ල 14 (කල්හාර සේනාරත්න 32/3, නිපුන් මාලිංග 9/2, පුලින තරංග 17/2)

ජැෆ්නා පිල කඩුලු 1කට ලකුණු 141 (ඕවර් 14.1)
සඳුන් වීරක්කොඩි 77, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 51, මොහොමඩ් ෂමාස් නොදැවී 3 (නිම්සර අතරගල්ල 61/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar