slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2024
ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණයයි

sinhala editor

  • නායක ධනංජය ද සිල්වා

සංචාරක නවසීලන්තයට එරෙහි ගාලු ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූයේ දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරණය බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. පළමු ඉනිමේදී කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රහාරය හැර පිතිකරණයත්, පන්දු යැවීමත් යහපත් තත්ත්වයක නොතිබූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ අදහස විය. එහෙත් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිල සෑම අංශයකින්ම හොදින් ක්‍රීඩා කිරීම ජයග්‍රහණයට හේතු වූ බව ධනංජය ද සිල්වා පැවැසීය. කලකට පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් දින 5ක් පැවැත්වීමට හැකිවීමේ ගෞරවය නවසීලන්ත පිලට ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා පැවැසීය.

“ මේ තරගය පුරා නවසීලන්ත පිල හොදින් ක්‍රීඩා කළා. දෙවැනි ඉනිමේ අපි හොදින් පන්දුවට පහරදීම මේ තරගයේ හැරවුම් ලක්ෂය බව මගේ හැගීමයි. දිමුත්, චන්දිමාල්, මැතිව්ස් ලකුණු අතරට පැමිණීම මේ තරගයේ අපට වැඩි වාසි ගන්න පුලුවන් වුණා. අපි පළමු ඉනිමේ පන්දුවට පහරදුන් ආකාරය එතරම් හොද තත්ත්වයක සිටියා කියා කියන්න බෑ. කමිඳු හැර පිතිකරුවන් පළමු ඉනිමේදී අපට අවශ්‍ය විදිහට පන්දුවට පහර දුන්නේ නෑ. ඒ වගේම පන්දු යැව්වෙත් නෑ. ටෙස්ට් තරගයකදී හැම තිස්සෙම පළමු ඉනිමේදී හොද තත්ත්වයකින් පහර දුන්නොත් අපිට තරගයේ පාලනය අතට ගන්න පුලුවන්. ඒකයි පළමු ඉනිමේ ලකුණු පුවරුව වැදගත් වන්නේ “

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා එලෙස පැවැසීය.

“කාලයකට පස්සේ ටෙස්ට් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගයක් දින 5ක් දක්වා ගියේ. එහි ගෞරවය නවසීලන්ත පිලට ලබාදිය යුතුයි. හොද තරගයක් තිබුණා. මේ නිසා දැන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බලන්න කම්මැලි නැති බව තහවුරු වුණා. අපි ක්‍රීඩා පිටියේදී නවත්වන හැම ලකුණක් වගේම, පිතිකරුවන් රැස්කරන හැම ලකුණකටම තරගය අවසන් වෙද්දී වටිනාකමක් ලැබෙනවා. මේ තරගයේදීත් ඒ තත්ත්වය තිබුණා. ටෙස්ට් තරග බලන්න ප්‍රේක්ෂකයින් තුල උද්යෝගයක් මෙයින් ඇති වෙනවා“ ධනංජය ද සිල්වා පැවැසීය.

දිනේෂ් චන්දිමාල් අංක තුන ස්ථානයට පැමිණීම හ්‍රී ලංකා පිලට වාසිදායක වූ ආකාරය ද ධනංජය ද සිල්වා පැහැදිලි කළේය.

“ පිතිකරණ අංශය දැන් සමබරයි. දිනේෂ් චන්දිමාල් අංක තුනට පැමිණීම හොද දෙයක් වුණා. ඒ දේ කළේ පුහුණුකරු හා මම ඔහු සමඟ කතා කරලා ඔහුගේ කැමැත්ත අනුවයි. ටෙස්ට් තරගවලදී අපට අවශ්‍ය වුණා කමිඳු මෙන්ඩිස් ටිකක් ඉදිරියට ගන්න. මොකද ඔහුගෙන් ඉදිරියේදී දිගු ඉනිම් අපි බලාපොරොත්තු වෙනවා. අංක 7 ඉදලා කමිඳුට ඒ දේ කරන්න ලෙහෙසි නෑ. පිතිකරණ අංශයෙන් ගත්තාම මුල් පිතිකරුවන් හත්දෙනාම හොදම අයයි. ඔවුන් අවශ්‍ය වේලාවට ලකුණු අතරට පැමිණීමට දක්ෂ අය. පන්දු යැවීමට මා සූදානමින් සිටියේ නෑ. නමුත් කඩුලු වැටෙන්නේ නැති වෙලාවක මම පන්දුව අතට ගත්තා. එයින් කණ්ඩායමට විශාල සාධාරණයක් කරන්න හැකි වුණා. ඉදිරියේදී පිතිකරණයටත් දක්ෂ වේග පන්දු යවන්නෙකු කණ්ඩායමට එක්කර ගැනීමට අවශ්‍ය වුණොත් යම් වෙනසක් කරන්න පුලුවන්“

ශ්‍රී ලංකා පිලේ අන්තර්වාර පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාගේ පත්වීම කණ්ඩායමට වාසි සහගත වූ ආකාරය ධනංජයගේ පැසසුමට ලක් වූවේය. “සනත් අයියා පත්වූ පසු විශාල වෙනස්කම් කරන්න අවශ්‍ය වුණේ නෑ. යම් යම් තාක්ෂණික වෙනස් වීම් කිහිපයක් වුණා. වැඩියෙන්ම සිදුවන්නේ ඔහුගේ අත්දැකීම් ක්‍රීඩකයින් සමඟ හුවමාරු කරගත් එකයි. එයා ක්‍රීඩකයින්ට ලබාදෙන උපදෙස් හොදින් වටහා ගන්න පුලුවන්. ඒකයි ශ්‍රී ලංකාවේ පුහුණුකරුවකුගෙන් අපට ලැබෙන විශාල වාසිය“ ධනංජය ද සිල්වා සඳහන් කළේය.

නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ 26 වැනිදා ආරම්භ වේ. එම තරගය ජයගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට යෑම සැසුම බවද නායක ධනංජය ද සිල්වා පැවැසීය.

Active filters

Recent Posts

  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee