slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2024
ගෝල් පරාජය කළ ජැෆ්නා ලකුණු සටහනේ දෙවැනි තැනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද (28) නිමාවූ ගෝල් - ජැෆ්නා තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය කළ ජැෆ්නා පිල ලකුණු සටහනේ දෙවැනි තැනට (ලකුණු 19) පත් වූවේය. දඹුල්ල හා කැන්ඩි අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳමකින් තොරව නිමාවට පත් වූවේය.

මෙම ප්‍රතිඵල දෙකත් සමඟ ලකුණු සටහනේ මෙතෙක් දෙවැනි ස්ථානයේ සිටි ගෝල් පිල (ලකුණු 8) තෙවැනි ස්ථානය දක්වා පහළට වැටුණි. තවදුරටත් පෙරමුණ ගැනීමට කොළඹ (ලකුණු 12) සමත්ව සිටින අතර, ලකුණු 4ක් ලැබූ කැන්ඩි පිල සිව්වැනි ස්ථානයේ හා ලකුණු 3ක් ලැබූ දඹුල්ල අවසන් ස්ථානයේ සිටී.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් - ජැෆ්නා අතර තරගයේදී ගෝල් පිල පිල සියලු දෙනා දැවී ලකුණු 295ක් රුස් කළ අතර, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕවර් 45කදී ලකුණු 259ක ඉලක්කයක් ජැෆ්නා පිලට එල්ල විය. ජැෆ්නා පිල කඩුලු 7ක දැවී ලකුණු 262ක් ලබා එම ඉලක්කය පසු කළේය.

ගෝල් පිලේ සධීර සමරවික්‍රම පන්දු 95කදී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 109ක් ලබා ගැනීමට සමත් විය. අංක 7 පිතිකරුලෙස පිටියට පිවිසි සනෝජ් දර්ශික පන්දු 82කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 67ක් ලබා ගත්තේය.

ජැෆ්නා පිල වෙනුවෙන් හසිත බොයගොඩ පන්දු 63කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු	 64ක් ලබා ගැනීමට සමත් වූවේය.

ගෝල් පිල පිල සියලු දෙනා දැවී ලකුණු  295 (ඕවර් 49.1)
පසිඳු සූරිය බණ්ඩාර 18, සධීර සමරවික්‍රම 109, සනෝජ් දර්ශික 67, හිරු සමරකෝන් 30, මුදිත් ලක්ෂාන් 16, අතිරේක 23 (සඳුන් වීරක්කොඩි 34/2, ඉසිත විජේසුන්දර 24/2, ඒෂාන් මාලිංග 58/2, ළහිරු මධුසංඛ 34/2, විජයකාන්ත් වියෙස්කාන්ත් 68/2)

ජැෆ්නා පිල කඩුලු 7කට ලකුණු 262 (ඕවර් 45)
සඳුන් වීරක්කොඩි 23, හසිත බොයගොඩ 64, ජනිත් ලියනගේ 48, නිපුන් කරුණානායක 28, ළහිරු මධුසංඛ 15, ඉසිත විජේසුන්දර නොදැවී 33 අතිරේක 20 (මුවින් අභිනාෂ් 42/4)


කැන්ඩි - දඹුල්ල

හම්බන්තොටදී පැවැති කැන්ඩි - දඹුල්ල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත් අතර, දඔුල්ල පිල කඩුලු 2කට ලකුණු 49ක් ලබා තිබියදී වර්ෂාව ඇඳ හැලී තරගය විසඳුමකින් තොරව නිමා කළේය. කවීන් බණ්ඩාර පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 77ක් ලබා ගත්තේය.

කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 185 (ඕවර් 43.4)
කවීන් බණ්ඩාර 77, සහන් ආරච්චිගේ 16, වනුජ සහන් 28, ලසිත් ඇඹුල්දෙනිය නොදැවී 17 ( කසුන් රාජිත 39/2, මොහොමඩ් සිරාස් 15/2, ලක්ෂාන් සඳකැන් 29/2, වනිඳු හසරංග 53/3)

දඔුල්ල පිල කඩුලු 2කට ලකුණු 49 (ඕවර් 10)
නිශාන් මධුෂ්ක නොදැවී 31, පවන් රත්නායක නොදැවී 14 (නිපුන් රන්සික 30/1, වනුජ සහන් 9/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee