slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2024
තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන මනුදි නානායක්කාරව නම් කිරීමට තේරීම් වලදී තීරණය වී තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි මනුදිගේ සහායිකාව ලෙසින් මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිව පත් කර තිබේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් තරග වදින සෙසු කණ්ඩායම් වෙති. තරගාවලියේ පළමු තරගය මේ සැප්තැම්බර් මස 20 වැනිදා ආරම්භ වනු ඇත. තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරග 2 කදී සහ එක්දින තරග 2 කදී තරග වැදීමට නියමිතව තිබේ.

නම් කරන ලද කණඩායමට මිතලි අයෝද්‍යා නම් කර තිබුණද ඇය හදිසි ආබාධ තත්ත්වයකට මුහුණ දී සිටීම නිසා ඒ වෙනුවට වාද්දුව මැදි මහ විදුහලේ එරන්දි හංසමාලිව එක් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා පිල –
 නමපාසල
1රශ්මිකා සෙව්වන්දිඅනුර විද්‍යාලය – මාතර
2මනුදි නානායක්කාරවේල්ස් කුමරි විදුහල – මොරටුව
3සුමුදු නිසංසලාදේවපතිරාජ විදුහල – රත්ගම
4සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
5විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
6රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
7එරන්දි හංසමාලිවාද්දුව මැදි විදුහල – වාද්දුව
8ප්‍රමුදි මෙත්සරාඋහන මැදි විදුහල – අම්පාර
9හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල -රත්ගම
10චමෝදි ප්‍රබෝධාපඤ්ඤානන්ද විදුහල – නුගේගොඩ
11දහමි සනෙත්මාඅනුලා විදුහල – නුගේගොඩ
12අෂේනි තලගුණේමහාමායා බාලිකා විදුහල – මහනුවර
13ෂෙහාරා ඉඳුවරීදේවපතිරාජ විදුහල – රත්ගම
14දනුලි තෙන්නකෝන්මලියදේව බාලිකා විදුහල – කුරුණෑගල
15නෙතඟි ඉසුරාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
16ලිමන්සා තිලකරත්න

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee