slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2024
‘බුද්ධි කේන්ද්‍රය‘ ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධිකාර්ය සාධන මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ‘බුද්ධි කේන්ද්‍රය‘ (Brain Centre) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය.

බුද්ධි කේන්ද්‍රය ආරම්භක දිනයේ සිටම ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ වුවත්, එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කිරීමත් සමඟ එය උසස් ක්‍රිකට් විශ්ලේෂණ සඳහා මාධ්‍යගත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇත. කුසලතා වර්ධනය සහ පුහුණුකිරීම, නව පහසුකම් සමඟින් විශාල ක්‍රීඩකයින් පිරිසකට සහ පුහුණුකරුවන් පිරිසකට වැඩමුළු පැවැත්වීම හැකියාව මෙන්ම උපාය මාර්ගික සැසි සහ වීඩියෝ විශ්ලේෂණ සමාලෝචනය කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම නවීන පහසුකම්වලින් සමන්විත බුද්ධි කේන්ද්‍රය විවෘත කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගිව සිටියහ.

මෙතෙක් දිනක් ක්‍රිකට් ආයතන මුලස්ථානයේ ක්‍රියාත්මක වුණු බුද්ධි කේන්ද්‍රය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ නැවත ස්ථාපිත කිරීමට පියවර ගැනීම හරහා, ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණු පහසුකම සහ තාක්ෂණය එකම ස්ථානයකදී ලබාදීමේ හැකියාව උදාවනු ඇත. මෙය ක්‍රීඩකයින්ට සහ පුහුණුකරවන්ට ඔවුනගේ පුහුණු අවකාශය තුළම බුද්ධි නේන්ද්‍රයෙන් අවශ්‍ය තාක්ෂණික ඥානය මෙන්ම සවිස්තරාත්මක සහ කාර්යක්ෂම ප්‍රවේශයක් ලබාදෙනු ඇත.

බුද්ධි කේන්ද්‍රෙය් ආරක්ෂිතව ගබඩා කොට ඇති දත්ත පද්ධතිය හරහා ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය එදිනෙදා දත්ත, අතීක කාර්යය සාධනය සහ ප්‍රවණතා වෙත පහසුවෙන්ම ප්‍රවේශවීමට සහ විශ්ලේෂණය කිරීමට ඉඩ සලසා දෙයි. එ් හරහා ඉදිරි තරගවලදී හොඳින් සූදානම් වීමට කටයුතු උදාවනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සිදුකරනු අධ්‍යාපන වැඩසටහන් වඩාත් වැඩිදියුණු කිරීමේ අවස්ථාව බුද්ධි කේන්ද්‍රය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කිරීමත් සමඟ උදාවනු ඇත. මෙහිදී තරගවල වීඩියෝ දත්තවලට කඩිනම්ව ප්‍රවේශවීමේ හැකියාව වැනි නවීන තාක්ෂණ ක්‍රම සමගින් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් යන දෙපාර්ශ්වයටම වඩා ගැලපෙන සහ කාර්යක්ෂම අධ්‍යාපන අත්දැකීමක් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව උදා වනු ඇත. මෙහි පියවරයන් සියල්ල නවීන පුහුණු ක්‍රමවේදයන්වලින් අනූනවීම නිසා මෙහි කටයුතු කිරීම වඩාත් ආකර්ශනීය වනු ඇත. ඊට අමතරව මේ හා සම්බන්ධවන්නන් සියල්ලම ක්‍රීඩාව නිසියාකාරව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය මෙවලම්ද සම්පාදනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන මාර්ගගත පන්ති සහ පුහුණු වැඩමුළු වෙත මාරුවීම අධ්‍යාපනය සඳහා නවීන ප්‍රවේශයක් පිළිබිඹු කරනු ඇත. පුහුණුකරුවන්ටද ඕනෑම තැනක සිට තමන් සතු වටිනා තීක්ෂණ බුද්ධිය සහ පුහුණු ක්‍රියාකාරකම් වෙත ප්‍රවේශවීම වඩාත් පහසු කරවනු ඇත. මෙය වඩාත් දැනුමෙන් සහ දක්ෂ පුහුණු කාර්යය මණ්ඩලයක් ගොඩ නැගීමට ද උපකාරී වන අතර එමගින් ක්‍රීඩකයින්ගේ සමස්ථ සංවර්ධනයට හේතු වනු ඇත.

සමස්ථයක් වශයෙන් ගත් විට මෙම නව ස්ථාපනය කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු සදහා හොඳ ඉදිරි පියවරක් සපයන අතර, ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට දක්ෂතා වර්ධනය සහ සංවර්ධනය සඳහා වඩාත් හොද අවස්ථාවක් සලසන පියවරක් ලෙස හැඳින්විය හැක.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee