slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2024
ලකුණු 1000 සීමාව ඉක්මවාලීමත් සමඟ කමිඳු බ්‍රැඩ්මන් සමග සමතැන් ගනියි

sinhala editor

ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය. දෙරට අතර තරගයේදී නොදැවී ලකුණු 182 ක් ලබා ගැනීමත් සමග කමිදු මෙම සුවිශේෂී කඩ ඉම පසු කළේය.

ලෝකයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව පසුකර ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ කමිදුට හිමිව ඇත්තේ තුන්වැනි තැන වන අතර එහිදී ඔහු ලොව කීර්තිමත් පිතිකරුවක් ලෙසින් සැලකෙන ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග සමතැන් ගෙන සිටියි. බ්‍රැඩ්මන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත පිතිකරු හර්බට් සුට්ක්ලිෆ් සහ බටහිර ඉන්දීය කොදෙව් කීඩක ශ්‍රීමත් එවර්ටන් වීක්ස් පමණි.

මේ අතර අද දිනයේදී කමිඳු රැස් කරන ලද්දේ සිය පස්වැනි ශතකය විය. කමිඳු එම හපන්කම අද සිදුකරන ලද්දේ 13වැනි ඉනිමට පමණක් ක්‍රීඩා කරමින් තිබියදීය. එයද බ්‍රැඩ්මන් හා සම තැන් ගැනීමක් ලෙස සලකේ. කමිදුට සහ බ්‍රැඩ්මන්ට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ඇත්තේ පිතිකරුවන් තිදෙනෙකු පමණි. ශ්‍රිමත් එවර්ටන් වීක්ස් (10, එංගලන්තයේ හර්බට් සූට්ක්ලිෆ් (12) සහ ඔස්ට්‍රෙලියාවේ නීල් හාවි (12) පමණි.

2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් දිනාගත් කමිඳු එම මංගල ඉනිමේදී ලකුණු 61 ක් ලබා ගත්තේය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee