slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2024
සුපුන් වඩුගේගෙන් ශතකයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තවත් තරග කිහිපයක් අතුරින් මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති චිලව් මේරියන්ස් – මුවර්ස් තරගයේ දී චිලව් මේරියන්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු සුපුන් වඩුගේ ලකුණු 108ක් රැස් කිරීම මත දිනය නිම වන විට චිලව් මේරියන්ස් කණ්ඩායමට කඩුලු හයකට ලකුණු 321ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. සහ පොලිසිය අතර තරගයේ දී එන්.සී.සී. මුල් ඉනිමේ දී රැස් කළ ලකුණු 261ක සාර්ථකව හඹා ගිය පොලිසිය තරගය නිම වන විට කඩුලු පහකට ලකුණු 224ක් ලබා සිටියේය.

 පොලිසියේ ආරම්භක පිතිකරු තරුෂ සිල්වා පන්දු 106කදී හතරේ හතක් හයේ දෙකක් සමඟ ලකුණු 86ක් රැස් කරමින් තම කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නේය. තරුෂ දෙවන කඩුල්ලට සංගීත් ෂෙහාර (ලකුණු 64) සමඟ ලකුණු 131ක සබඳතාවයක් තබා ගැනීමට සමත් විය.

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ ආරම්භ වු සී.සී.සී. සහ පාණදුර අතර තරගයේ දී සී.සී.සී. මුල් ඉනිම සඳහා කඩුලු 8කට ලකුණු 227ක් ලබා සිටියේය. වෙලගෙදර ක්‍රීඩාංගණයේ බදාද (04) ආරම්භ වු ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් අතර තරගයත් කොළඹ කිරිමණ්ඩල මාවතේ පැවැති කැන්ඩි කස්ටම් – රාගම තරගයත් වර්ෂාව මත තීරණ නොමැතිව නිම විණි.  

තරග ප්‍රතිඵල

  • චිලව් මේරියන්ස් – මුවර්ස්

 චිලව් මේරියන්ස් ප්‍රථම දින තරගය නිම වන විට මුල් ඉනිමේ දී කඩුලු 6ට 321යි – (සුපුන් වඩුගේ 108, අයන් ප්‍රනාන්දු 79, අෂේන් ප්‍රනාන්දු නොදැවී 44, අභිෂේක් ලියනආරච්චි 27, රොහාන් සංජය 70/4)

  • එන්.සී.සී. – පොලිසිය තරගයේ විසඳුමක් නෑ.

 එන්.සී.සී. මුල් ඉනිම 261යි (පන්දුවාර 65.3යි) – (රමිරු පෙරේරා 59, විනුක රූබසිංහ 46, යෙනුල දෙව්තිසා 27, ශාරිත් සුධීර 31, කුසල් විජේතුංග 24, විහංග ගුණරත්න 22, දනිත් කැපගොඩ 35/4, සුපුන් ප්‍රනාන්දු 44/2, තනුග පලිහවඩන 102/2)

 පොලිසිය කඩුලු 5ට 224 (පන්දුවාර 48යි)  – (තරුෂ සිල්වා 86, සංගීත් ෂෙහාර 64, ධනුජ ඉඳුවර නොදැවී 28, ෂාරිත් සුධීර 30/2

  • සී.සී.සී. – පාණදුර

 සී.සී.සී. කඩුලු 8ට 227යි (පන්දුවාර 61යි ) – (දුල්නිත් සිගේරා 42, පවන් සංදීෂ් 74, ඉනුක කරන්නාගොඩ 30, පෙසඳු වීරසිංහ 22, සඳුන් මෙන්ඩිස් 22, යෙෂාන් අවිෂ්ක 19/2, මෙවිඳු කුමාරසිංහ 69/2)

  • ඒස් කැපිටල් – කුරුණෑගල යූත් – වෙලගෙදර ක්‍රීඩාංගණය (වර්ෂාව මත නොපැවැත් විණි.  – තරගය අත්හිටු විණි).
  • කැන්ඩි කස්ටම් – රාගම – කොළඹ කිරිමණ්ඩල මාවත – (වර්ෂාව මත නොපැවැත් විණි.  – තරගය අත්හිටු විණි).

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee