slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2024
ඕෂධ ටෙස්ට් පිලට – මදුෂ්කට ස්ථානය අහිමියි

sinhala editor

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී දකුණු අප්‍රිකානු ‘ඒ‘පිලට එරෙහි පළමු සිව්දින තරගයේදී දක්ෂතා දක්වන ලද  ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දුව යළි කණ්ඩායමට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් නම් කර ඇති 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත තරග සංචාරයට සහභාගිවූ කඩුලු රකින ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්කගේ නම ඇතුළත්නොවීම කැපී පෙනෙයි. පසුගිය වසර එකහමාරක කාලය තුළදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කළ නිශාන් මදුෂ්ක එංගලන්ත තරග සංචාරයේදී පිතිකරුවකු ලෙස අසාර්ථකත්වයට පත්විය. එම තරගාවලිය යටතේ පැවැති පළමු ටෙස්ට් තරග 2 ටම මදුෂ්ක ක්‍රීඩා කළද ඔහුට එහිදී රැස් කර ගත හැකි වූයේ 7, 13, 4 සහ 0 වශයෙනි.

දේශීය තරගාවලියේදී දක්ෂතා අතරට සිටි ඔෂද ඉකුත්දා දකුණු අප්‍රිකාවේදී නිමාවට පත් වුණු පළමු සිව්දින තරගයේදී ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 122 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 80 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වීය. එම දක්ෂතා මත පදනම්ව එදා මෙදා ඉතිහාසය තුළ දකුණු අප්‍රිකාවේදී වාර්තා කරන ලද පළමු සිව්දින තරග ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ.

දකුණතින් පිත්ත හසුරුවන ඔෂධ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කදී ලකුණු 1091 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 33.06 ක් රදවා ගනිමිනි. ඔහු අවසන් වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ලද්දේ 2023 වසරේ මාර්තු මස නවසීලන්ත පිලට එරෙහිව වෙලිංටන්හිිදී පැවැත් ටෙස්ට් තරගය වේ.

මීට අමතරව වේග පන්දු යවන්නන්ට එංගලන්තයේ දක්වනු ලබන වාසිය ප්‍රධාන කොට කණ්ඩායම සමග ගිය නිසල තාරකටද මෙම තරගාවලියේදී ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඔෂද ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සි, මිලාන් රත්නායක.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee