slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2024
කොළඹ – ගෝල් කණ්ඩායම් දෙක කරට කර සටනක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ නිමාවූ තරග දෙකකදි කොළඹ පිල කඩුලු 5කින් හා ගෝල් පිල කඩුලු 2කින් ජය තහවුරු කරගෙන ලකුණු සටහනේ කරට කර සටනක සිටිති. මෙම ජයග්‍රහණ සමඟ කොළඹ හා ගෝල් කණ්ඩායම් දෙක ලකුණු සටහනේ ලකුණු 8 බැගින් ලබා සම තත්ත්වයක පසුවන අතර, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කොළඹ (1.999) ඉදිරියෙන් හා ගෝල් පිල (1.051) දෙවැනි තැනට පත්ව ඇත.

හම්බන්තොටදී පැවති කොළඹ – ජැෆ්නා අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් සියලු දෙනා දැවී ලකුණු 161ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ජැෆ්නා පිල අඩු ලකුණු ගණනකට සීමා කරමින් පන්දු යැවූ පා දඟ පන්දු යවන 23 හැවිරිදි කවිඳු නදීශාන් කඩුලු 3ක් හා දකුණත් මඳ වේග පන්දු යවන 19 හැවිරිදි අක්මාල් ෆස්ලි කඩුලු 3ක් බිද හෙලූහ. එයට අමතරව ප්‍රමෝද් මධුෂාන් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 31.4)
හසිත බෝයගොඩ 21, නිපුන් කරුණානායක 12, මොහොමඩ් ෂමාස් 41, ළහිරු මධුෂංක 18, පුලින තරංග 15, බිනුර ප්‍රනාන්දු නොදැවී 21 (කවිඳු නදීශාන් 35/3, අක්මාල් ෆස්ලි 41/3, ප්‍රමෝද් මධුෂාන් 36/2, දසුන් ශානක 22/2)

කොළඹ පිල කඩුලු 5ක් දැවී ලකුණු 163 (ඕවර් 25.3)
අවිශ්ක ප්‍රනාන්දු 41, කුසල් පෙරේරා 46, චරිත් අසලංක 32, ක්‍රිෂාන් සංජුල 10, චමිඳු වික්‍රමසිංහ නොදැවී 25 (සඳුන් වීරක්කොඩි 25/2, පුලින තරංග 21/2)

කැන්ඩි – ගෝල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කැන්ඩි – ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් සියලු දෙනා දැවී ලකුණු 197ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 198ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ගෝල් පිලේ ජය මාවත විවිර කළ ආරම්භක පිතිකරු යශෝධ ලංකා පන්දු 77කදී හයේ 4ක් හා හතරේ 14ක් සමඟ වේගවත් ලකුණු 110ක් ලබා ගත්තේය. එමෙන්ම ගෝල් පිලේ වමත් දග පන්දු යවන 23 හැවිරිදි මුදිත ලක්ෂාන් කඩුලු 4ක් බිදහෙලා කැන්ඩි පිල අමාරුවේ දැමුවේය.

කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 197 (ඕවර් 49.1)
තනුක දාබරේ 51, කමීල් මිෂාර 34, සහන් ආරච්චිගේ 12, කවීන් බණ්ඩාර 38, රවිඳ රත්නායක 27 (අකිල ධනංජය 36/2, මුදිත ලක්ෂාන් 23/4, දුනිත් වෙල්ලාලගේ 30/2)

ගෝල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 198 (ඕවර් 33.5)
යශෝධ ලංකා 110, සොහාන් ද ලිවේරා 11, ධනංජය ලක්ෂාන් 41, ජනිෂ්ක පෙරේරා 13 (සහන් ආරච්චිගේ 37/3, යොහාන් මැද්දගේ 59/4)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar