slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2024
දකුණත් දඟ පන්දු යවන නිශාන් පීරිස් ටෙස්ට් සංචිතයට

sinhala editor

නවසීලන්තයට එරෙහිව සැප්තැම්බර් මස 26 වැනිදා ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

විසි හත්වැනි වියේ පසුවන නිශාන් පීරිස් මීගමුව ශාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වී සිටියි. දකුණතින් දඟ පන්දු යවන නිශාන් වමතින් පන්දුවට පහර දෙන්නේය. පළමු පෙළ තරග 41 කට ක්‍රීඩා කර ඇති නිශාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 172 කි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.37 ක් ලෙසින් සටහන් වේ.

මේ අතර පළමු ටෙස්ට් තරග සඳහා වන සංචිතයට ඇතුළත්ව සිටි වමත් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ කලවයේ මස්පිඬුවල ඇතිවී ඇති තද වීමක් නිසා ඔහුව යළි පුනරුත්ථාපනය කිරීමට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බැවින් ඔහුට කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටීමේ අවස්තාව අහිමිව තිබේ. විශ්වගේ ස්ථානය සදහා නිශාන් පීරිස්ව කැඳවා තිබේ.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඔෂද ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සි, මිලාන් රත්නායක, නිශාන් පීරිස්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee