slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2024
ලකුණු 1000 සීමාව ඉක්මවාලීමත් සමඟ කමිඳු බ්‍රැඩ්මන් සමග සමතැන් ගනියි

sinhala editor

ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගියේය. දෙරට අතර තරගයේදී නොදැවී ලකුණු 182 ක් ලබා ගැනීමත් සමග කමිදු මෙම සුවිශේෂී කඩ ඉම පසු කළේය.

ලෝකයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව පසුකර ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ කමිදුට හිමිව ඇත්තේ තුන්වැනි තැන වන අතර එහිදී ඔහු ලොව කීර්තිමත් පිතිකරුවක් ලෙසින් සැලකෙන ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග සමතැන් ගෙන සිටියි. බ්‍රැඩ්මන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත පිතිකරු හර්බට් සුට්ක්ලිෆ් සහ බටහිර ඉන්දීය කොදෙව් කීඩක ශ්‍රීමත් එවර්ටන් වීක්ස් පමණි.

මේ අතර අද දිනයේදී කමිඳු රැස් කරන ලද්දේ සිය පස්වැනි ශතකය විය. කමිඳු එම හපන්කම අද සිදුකරන ලද්දේ 13වැනි ඉනිමට පමණක් ක්‍රීඩා කරමින් තිබියදීය. එයද බ්‍රැඩ්මන් හා සම තැන් ගැනීමක් ලෙස සලකේ. කමිදුට සහ බ්‍රැඩ්මන්ට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ඇත්තේ පිතිකරුවන් තිදෙනෙකු පමණි. ශ්‍රිමත් එවර්ටන් වීක්ස් (10, එංගලන්තයේ හර්බට් සූට්ක්ලිෆ් (12) සහ ඔස්ට්‍රෙලියාවේ නීල් හාවි (12) පමණි.

2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් දිනාගත් කමිඳු එම මංගල ඉනිමේදී ලකුණු 61 ක් ලබා ගත්තේය.

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

USD United States (US) dollar