slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2024
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති

sinhala editor

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පළමු ඉනිමේදී ඔවුන් ලද වාසියද සමඟින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමිවී ඇති ඉලක්කය වන්නේ ලකුණු 219 කි. කෙසේ වෙතත් ජයග්‍රහණය හඹා යමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා ගැනීමට සමත්ව සිටිති. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 9 කදී ලකුණු 125 ක් පමණි.

ටෙස්ට් තරග යනු කල් වේලා ගනිමින් ලකුණු රැස් කරන තරග රටාවක් වුවත්ථ වර්තාමන බාස්බෝල් ක්‍රීඩාව කෙරෙහි මේ වන විටත් බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙන බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන්ද එම ආකාරයෙන්ම පන්දුවට පහර දෙමින් සිටියේය. ඒ අවසරයෙන් ලකුණු රැස් කළ පැතුම් නිස්සංක මුහුණ දුන් 42 වැනි පන්දුවේදී අර්ධ ශතකය රැස් කළේ ශ්‍රී ලංකා ලකුණු හඹා යෑමද වේගවත් කරමිනි. මෙය මෙම තරගයේදී නිස්සංක විසින් රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය.

දැවී ගිය එකම පිතිකරුවා වූයේ දිමුත් කරුනාරත්න වන අතර ඔහු ක්‍රිස් වෝක්ස් විසින් පෙරළා උඩ පන්දුවක් රැක ගැනීම නිසා ලකුණු 08 කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමඟ පන්දුවට පහර දෙමින් දෙවැනි කඩුල්ල සඳහා නොබිඳිණු ලකුණු 55 ක් රැස් කළේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ටද බාස්බෝල් තරග රටාවේ ආකර්ශනීය හැඟීම ලබා දෙමිනි. තරගය නිමා කරන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 6 ක් සමඟ පන්දු 25 කදී ලකුණු 30 ක් ද පැතුම් නිස්සංක හතරේ පහර 7 ක් සමඟින් පන්දු 44 කදී ලකුණු 53 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හරවා දුන්නේ විශ්ව ප්‍රනාන්දු විසිනි. වේග පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යවමින් සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ සේවය කැඳවීමට නායක ධනංය තීරණය කිරීමත් සමඟ සාර්ථක ඵල නෙළා දීමට ඔහු සමත්වූවේය. ඒ ජෝ රූට් සහ හැරී බෘක්ගේ කඩුලු පන්දු 6 ක් ඇතුළත දවා ගනිමිනි. ඒ සමඟම එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 7 ම ලකුණු 82 ක් ඇතුළත බිඳ වැටීමද ශ්‍රී ලංකාවට සුභ ලකුණක් බවට පත්වි. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු කඩුලු රකින ජැමී ස්මිත් (67) සහ ඔලී ස්ටෝන් දෙදෙනා එංගලන්ත ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියහ.

පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 4 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත්හ. ඊට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් බිඳ හෙලූහ.

තරගයේ දින 2 කට ත් වඩා වැඩි කාලයක් ඉතිරිව තිබුණද එංගලන්ත පිතිකරුවෝ ඔවුනට සුපුරුද බාස්බෝල් පිතිකරණ රටාවේ නියැළිණ. කඩුලු වැටී යෑමේදී ද ඔවුන් ඒ පිළිබඳව වගක් නොගත්තේ ඔවුන්ගේ පිතිකරණ රටාව එලෙසින්ම පවත්වාගෙන යමිනි. ඒ අතර ඩැන් ලෝර්න්ස් පන්දු 35 කදී ලකුණු 35 ක් ලබා ගනිමින් ආරම්භය ලබා ගත් අතර අනතුරුව මැද පෙළින් පැමිණි ජැමී ස්මිත්ද පන්දුවට දුටු තැන පහර එල්ල කරමින් අර්ධ ශතකයක් ලබා ගත්තේය.

තරගයේ දෙවැනි දිනය අවසනදී කඩුලු 5 කට ලකුණු 211 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී ලකුණු 263 කට දැවී ගියේය. ඒ වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 69 ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 64 ක් රැස් කරගෙන සිටියහ. මොවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 127 ක් විය. කෙසේ වෙත්ත ධනංජය ද සිල්වා දැවී යෑඹත් සමග ලකුණු 43 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

එංගලන්තය පළමු ඉනිම පන්දුවාර 69.1 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි

බෙන් ඩක් 86, ඩෑන් ලෝරන්ස් 05, ඔලී පෝප් 154, ජෝ රූට් 13, හැරී බෘෘක් 19, ජැමී ස්මිත් 16, ඔලී ස්ටෝන් 15, ළහිරු කුමාර 97/2, මිලාන් රත්නායක 56/3, විශ්ව ප්‍රනාන්දු 46/2, අසිත ප්‍රනාන්දු 88/1, ධනංජය ද සිල්වා 18/2

ශ්‍රී ලංකාව පළමු ඉනිිම පන්දුවාර 61.2 කදී සියලු දෙනා දැවී ලකුණු 263 යි

පැතුම් නිස්සංක 64, දිමුත් කරුණාරත්න 09, කුසල් මෙන්ඩිස් 14, ඇන්ජලෝ මැතිව්ස් 03, දිනේෂ් චන්දිමාල් 00, ධනංජය ද සිල්වා 69, කමිදු මෙන්ඩිස් 64, මිලාන් රත්නායක 07, විශ්ව ප්‍රනාන්දු 00, ළහිරු කුමාර 05*, අසිත ප්‍රනාන්දු 11, ක්‍රිස් වෝක්ස් 42/2, ජොෂ් හල් 53/3, ඔලී ස්ටෝන් 35/3, ෂොයෙබ් බෂීර් 37/1

එංගලන්තය දෙවැනි ඉනිම පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 156 යි

ඩෑන් ලෝරන්ස් 35, ජෝ රූට් 12, ජැමී ස්මිත් 67, ඔලී ස්ටෝන් 10, ළහිරු කුමාර 21/4, විශ්ව ප්‍රනාන්දු 40/3, අසිත ප්‍රනාන්දු 49/2, මිලාන් රත්නායක 43/1

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිිම පන්දුවාර 15 කදී කඩුලු 1 කට ලකුණු 94 යි

පැතුම් නිස්සංක 53*, දිමුත් කරුණාරත්න 08, කුසල් මෙන්ඩිස් 30*,ක්‍රිස් වේක්ස් 32/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar