slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2024
19 න් පහල ලෝක කුසලාන සුදුස්සන් තේරීමේ විනිසුරු කටයුතුවලට ශ්‍රී ලංකාවෙන් වැනේසා – දේදුණි – ප්‍රගීත් යති

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු කලාපයේ රටවල් අතර සුදුස්සන් කවුරුන්ද යන්න වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද ඇතුළත්ව සිටිති.

එහිදී තරග තීරකවරිය ලෙසින් වැනේසා ද සිල්වා මහත්මිය සුදුසුකම් ලබා සිටින අතර තරග විනිසුරුවන් ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරන ප්‍රගීත් රඹුක්වැල්ල සහ දේදුණු ද සිල්වා සුදුසුකම් ලබා සිටිති.

අප්‍රිකානු මහද්වීපික රටරක් වන රුවන්ඩාවේ පැවැත්වෙන මෙම බාළිකා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය යටතේ අප්‍රිකානු කලාපයේ රටවල් 8 ක් නියෝජනය කරනු ලබන අතර ‘ඒ‘ කාණ්ඩය යටතේ සත්කාරක රුවන්ඩාව හැරුණු කොටෙ කෙන්යාව, නැමීබියාව, උගන්ඩාවද, ‘බී‘ කාණ්ඩයෙන් මලාවි, නයිජීරියා, ටැන්සානියා සහ සිම්බාබ්වේ යන රටවල්ද තරග වදිති.

සැප්තැම්බර් මස 29 වැනිදා පැවැත්වෙන අදාළ අවසන් මහ තරගයේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායම 2025 වසරේ මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබාගනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee