slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2024
ශ්‍රී ලංකාව දශකයකට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබයි

sinhala editor

එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස ගෞරවාන්විතව අද (09 දා) අවසන් කර ගත්තේය. මෙම ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව වසර 10 කට පසුව ලබා ගත් ජයක් ලෙසින් සටහන් විය. දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදීම ශ්‍රී ලංකාව ලබා ගන්නා ලද සිව්වැනි ටෙස්ට් ජය ලෙසින්ද අද ලබා ගත් මෙම ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වතාවට එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ මීට වසර 10 කට පෙර හෙවත් 2014 වසරේදීය. ජයග්‍රහණය සදහා ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය වූ අද දිනයේදී දිවා ආහාරයට පෙරම ජයග්‍රහණය සපුරා ගත්හ. ඒ වෙනුවෙන් විශීෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 124 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 127 ක් රැස් කර ගත්තේය.

තෙවැනි දිනය අවසනදී වේගයෙන් ලකුණු රැස් කිරීමට පැතුම් සමත්වීම නිසා සිව්වැනි දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 94 ක්ව සටහන් තිබියදීය. ඒ අනුව අද දිනයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැති ලකුණු 125 ලබා ගැනීමේදී ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දී තිබුණේ එක් කඩුල්ලක් පමනි. මෙම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවෝ සිව්වැනි දිනයේදී වැය කරන ලද්දේ පන්දුවාර 25.3 ක් පමණි. හතරේ පහර 7 ක් ද සමඟ ලකුණු 37 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දිනයේ දැවී ගිය එකම පිතිකරුවා බවට පත්වූවේය.

දෙවැනි ඉනිමේ වාර්තා කරන ලද අනගිභවනීය ශතකයට අමතරව පළමු ඉනිමේදී ලද අර්ධ ශතකය හේතුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව එංගලන්ත පිලේ ජෝ රූට් සහ කමිඳු මෙන්ඩිස් තරගාවලියේ වීරයින් ලෙසින් සම ශූරතා දිනා ගත්හ.

එංගලන්තය පළමු ඉනිම පන්දුවාර 69.1 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි

බෙන් ඩක් 86, ඩෑන් ලෝරන්ස් 05, ඔලී පෝප් 154, ජෝ රූට් 13, හැරී බෘෘක් 19, ජැමී ස්මිත් 16, ඔලී ස්ටෝන් 15, ළහිරු කුමාර 97/2, මිලාන් රත්නායක 56/3, විශ්ව ප්‍රනාන්දු 46/2, අසිත ප්‍රනාන්දු 88/1, ධනංජය ද සිල්වා 18/2

ශ්‍රී ලංකාව පළමු ඉනිිම පන්දුවාර 61.2 කදී සියලු දෙනා දැවී ලකුණු 263 යි

පැතුම් නිස්සංක 64, දිමුත් කරුණාරත්න 09, කුසල් මෙන්ඩිස් 14, ඇන්ජලෝ මැතිව්ස් 03, දිනේෂ් චන්දිමාල් 00, ධනංජය ද සිල්වා 69, කමිදු මෙන්ඩිස් 64, මිලාන් රත්නායක 07, විශ්ව ප්‍රනාන්දු 00, ළහිරු කුමාර 05*, අසිත ප්‍රනාන්දු 11, ක්‍රිස් වෝක්ස් 42/2, ජොෂ් හල් 53/3, ඔලී ස්ටෝන් 35/3, ෂොයෙබ් බෂීර් 37/1

එංගලන්තය දෙවැනි ඉනිම පන්දුවාර 34 කදී සියලු දෙනා දැවී ලකුණු 156 යි

ඩෑන් ලෝරන්ස් 35, ජෝ රූට් 12, ජැමී ස්මිත් 67, ඔලී ස්ටෝන් 10, ළහිරු කුමාර 21/4, විශ්ව ප්‍රනාන්දු 40/3, අසිත ප්‍රනාන්දු 49/2, මිලාන් රත්නායක 43/1

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිිම පන්දුවාර 40.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 219 යි

පැතුම් නිස්සංක 127*, දිමුත් කරුණාරත්න 08, කුසල් මෙන්ඩිස් 39, ඇන්ජලෝ මැතිව්ස් 32*, ක්‍රිස් වෝක්ස් 52/1, ගස් ඇට්කින්සන් 44/1

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee