slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2024
ශ්‍රී ලංකාව ලකුණු 202 කින් ඉදිරියට

sinhala editor

පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද අර්ධ ශතක වලට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පෝෂණය කළහ. දිනය අහවර වන විටත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳිණු සම්බන්ධතාවක් පවත්වමින් සිටි හිටපු සහ වර්තමාන නායක දෙපළ ලකුණු 59 ක් එක් කර තිබුණහ. ඒ අනුව දිනය අහවර වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 237 ක් ලෙසිනි.

ඩැරල් මිචෙල්ගේ දුවද්දී දැවී යෑම හැරුණු කොට ඉතිරි කඩුලු 5 ම බෙදා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා සමත්වූහ. මෙහිද වැඩිම ඵල නෙලා ගත් ජයසූරිය අද දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම දවා ගනිමින් ලකුණු 136 ක් ඇතුළත කඩුලු 4 ක් ලෙසින් සිය පන්දු යැවීම සටහන් කර ගත්තේය. රමෙෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 3 ක් දවාලූවේය.

අගනා පිතිහරඹයක නිරත වුණු දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම පන්දු 7 ක් ඇතුළත දැවී යෑමට මත්තෙන් දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ හෝරා දෙකක කාලය තුළදී කඩුල්ල ආරක්ෂසා කර ගනිමින් පන්දුවට පහර දුන්හ. දුර්වල පන්දු දුටු විට නොසැලුණු මොවුන් දෙදෙනා තේ පානයෙන් පසු පන්දුවට පහර දුන් නමුත් හොඳ පන්දු දෙකකින් දැවී ගියේ එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 147 ක් එක් කිරීමෙන් අනතුරුවය.

මිනිත්තු 201 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි වමත් පිතිකරුවා රැස් කළ ලකුණු 83 සඳහා පන්දු 127 කට මුහුණ දී තිබුණේ ඉන් පහර 6 ක් හතරේ සීමාව වෙත තල්ලු කර යවමිනි.  පළමු ඉනිමේදී ලකුණු 30 ක් රැස් කළ චන්දිමාල් දෙවැනි ඉනිමේදී වැඩි කාලයක් කඩුල්ලේ සිටිමින් ලකුණු 61 ක් ලබා ගත්තේය. ඒ පන්දු 150 කදී තම ඉනිමට හතරේ පහර 6 ක්ද ඇතුළත් කර ගනිමිනි.

80 වැනි පන්දුවාර අවසන් වනවාත් සමගම නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා උත්සුක වූ නමුත් දිනයේ පළමු කඩුල්ල ලෙස සටහන් වූයේ කඩුලු අතර දිව යෑමේදී වූ දැවී යෑමකිනි. ඒ ඩැරල් මිිචෙල් ලකුණු 57 කට දැවී යැමිණි. එතැන් ජයසූරිය සහ මෙන්ඩිස්ගේ පන්දු හමුවේ නවසීලන්ත පිතිකරුවෝ පසුබෑමක් පෙන්නුම් කළහ. ලකුණු 304 දී 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණද අවසන් පිතිකරුවා වූ විලියම් ඔරූක් සමඟ එක්වූ ග්ලෙන් පිලිප්ස් නවසීලන්ත පළමු ඉනිම 340 තෙක් ඉදිරියට රැගෙන ගියහ. නවසීලන්ත ඉනිම නිමා වන විට පිලිප්ස් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 48 කදී ලකුණු 49 ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 91.5 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි

පැතුම් නිස්සංක 27, දිමුත් කරුණාරත්න 02, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 11, කුස් මෙන්ඩිස් 50, රමේෂ් මෙන්ඩිස් 14, ප්‍රභාත් ජයසූරිය 00, ළහිරු කුමාර 02, අසිත ප්‍රනාන්දු 00, විලියම් ඔරුක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලෙන් පිලිප්ස් 52/2

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 90.5 කදී සියලු දෙනා දැවී ලකුණු 340 යි

ටොම් ලේතම් 70, ඩෙවෝන් කොන්වේ 17, කේන් විලියම්සන් 55, රචින් රවීන්ද්‍රන් 39, ඩැල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩ්ල් 25, ග්ලෙන් පිලිප්ස් 49, මිචෙල් සැන්ට්නර් 02, ටිම් සවුති 03, අජාස් පටෙල් 06, විලියම් ඔරුක් 02, ප්‍රභාත් ජයසූරිය 136/4, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 237 යි

පැතුම් නිස්සංක 02, දිමුත් කරුනාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් 34*, කමිඳු මෙන්ඩිස් 13, ධනංජය ද සිල්වා 34*, විලියම් ඔරුක් 37/3, අජාස් පටෙල් 68/1

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee