slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2024
අයි.සී.සී. දූෂණ විරෝධී මුල් පුටුව ශ්‍රී ලාංකිකයකුට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව යටතේ පාලනය වන දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ලෙස කටයුකු කරනු ලබන සුමති ධර්මවර්ධන මහතාව පත් කිරීමට කටයුතු කරනු ලබන බව එම සභාව නිවේදනය කර සිටියි.

2010 වසරේ සිට මේ දක්වා වූ වසර 14 ක කාලයක් එම තනතුරේ කටයුතු කරන ලද ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් විශ්‍රාම ගැනීමත් සමඟ මෙම නව පත් කිරීම සිදුකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව සුමති ධර්මවර්ධන මහතා එම තනතුරේ රාජකිරි නොවැම්බර් මස 01 වැනිදා සිට ආරම්භ කරනු ඇත.

ජනාධිපති නීතීඥවරයකුද වන ඔහු ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙසද කටයුතු කරනු ලබන අතරම, විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ.

මීට අමතරව ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග ක්‍රීඩාවේ දූෂණ විමර්ෂණය කිරීම මෙන්ම ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ෂන සහ නඩු පැවැරීම් කීපයක් ද අධීක්ෂණය කර ඇති ඒ මහතා අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමඟ ද සාකච්ඡා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය නියෝජනය කර අත්දැකීම් සම්භාරයක් ඇත්තෙකි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee