slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2024
එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය සමත්වීම කැපී පෙනිණ. ඒ අනුව ඔවුනට ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් මිලියනක ත්‍යාග මුදලක්ද හිමිවිය.  අනුශූරතාවයට පත් මැලේ ක්‍රීඩා සමාජයට රු. ලක්ෂ හතහමාරක මුදලක් පිරිනැමිණ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාලු  පිලේ ආරාධනාව අනුව පළමුව පන්දුවට පහර දුන් මැලේ කණ්ඩායම පන්දුවාර 45.5 කදී සියලු දෙනා ලකුණු 205 කට දැවී ගිය අතර එය හඹා ගිය ගාලු ක්‍රීඩකයෝ ඉලක්කය පන්දු 3 ක් සහ කඩුලු 2 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට සමත්වූහ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවසන් පන්දුවාරය තෙක්ම තරගය ඇදී යෑම උණුසුම වැඩි කරවන්නක් විය.

මැලේ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අමිත කෞෂල්‍ය පන්දුවාර 10 කදී ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ලමින් අවසන් මහ තරගයේ වීරයා ලෙසින් තේරී පත්වූවේය. ඒ සඳහා ඔහුට එම කුසලාන සමඟ මුදලින් රු. ලක්ෂ 2 ක් හිමිවිය.

මේ අතර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මධුශංක ප්‍රේමරත්නද ද දක්ෂතම පිතිකරුවා ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ආසිරි ද සිල්වා සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමඟ රු. ලක්ෂ 3 ක ත්‍යාග මුදලක් පිරිනැමිණ.

මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ආදි ධර්මපාල ක්‍රීඩා සමාජයේ තරිඳු සිරිවර්ධන සම්මාන දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ රු. ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.

මැලේ ක්‍රීඩා සමාජය පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 205 යි

හිර්ත ජයසිංහ 40, බුද්ධික මදුශාන් 67, වෝෂිත අමරසිංහ 37, චානක දේවින්ද 34/4, අමිත කෞෂල්‍ය 37/4

ගාලු ක්‍රීඩා සමාජය පන්දුවාර 49.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 209 යි

අමිත එරන්ද 23, තරිඳු රුක්ෂාන් 22, ලිසුල ලක්ෂාන් 22, හසිත සුරංග 26, නිමන්ද සුබසිංහ 27*, සුදාර දක්ෂිණ 39/2, කාවින්ද ඊශ්වර 24/2, ඉෂාන් අබේසේකර 49/2

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් තේරී පත්වුණු ගාලු ක්‍රීඩා සමාජයේ අමිත කෞෂල්‍ය, එම කුසලාන සහ මුදල් ත්‍යාග ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිදායක කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ලබා ගනිමින්. 
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වුණු ගුවන්නා හමුදා ක්‍රීඩා සමාජයේ මදුශංක ප්‍රේමරත්න එම කුසලාන සහ මුදල් ත්‍යාග ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිදායක කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ලබා ගනිමින්. 
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා වූ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ආසිරි ද සිල්වා එම කුසලාන සහ මුදල් ත්‍යාග ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිදායක කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ලබා ගනිමින්. 
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වුණු ආදි ධර්මපාල ක්‍රීඩා සමාජයේ තරිඳු සිරිවර්ධන එම කුසලාන සහ මුදල් ත්‍යාග ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිදායක කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතා අතින් ලබා ගනිමින්. 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee