slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2024
එන්එස්එල් එක්දින ක්‍රිකට් තරගාවලියේ
කොළඹ සමඟ අවසන් සටනට ජැෆ්නාද? ගෝල්ද?

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ හෙට (2) මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ.

දැනටමත් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කොළඹ පිල (ලකුණු 12) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, දෙවැනි තැන සිටින ගෝල් පිලට හා ජැෆ්නා පිලට අවසන් මහා තරගයට පිවිසීමට හෙට තරග ප්‍රතිඵල ඉතාම වැදගත් වේ. ලකුණු 9ක් ලබා ලකුණු සටහනේ දෙවැනි තැන සිටින ජැෆ්නා පිල හෙට තරගය ජයගතහොත් ලකුණු 11ක් බවට පත්කොට අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, ලකුණු 8ක් ගෙන තෙවැනි තැන සිටින ගෝල් පිල හෙට තරගය ජයගතහොත් ලකුණු 10ක්වී තෙවැනි ස්ථානයේ සිටී. ඒ ආකාරයෙන් ප්‍රතිඵල සටහන් වුවහොත් කොළඹ – ජැෆ්නා අවසන් සටනට පිවිසෙනු ඇත.

හෙට මූලික වටයේ අවසන් තරග දෙකේදී ජැෆ්නා පිල පරාජයට පත්වී හෝ එම තරගය විසඳුමකින් තොරව නිමාවී ගෝල් තරගය ජය ගතහොත් ගෝල් පිලට අවසන් මහා තරගයේ දොරටු විවිර වේ. ලකුණු 4ක් ලබා ඇති කැන්ඩි පිල සිව්වැනි ස්ථානයේ හා ලකුණු 3ක් ලැබූ දඹුල්ල අවසන් ස්ථානයේ සිටින බැවින් ඔවුන්ට අවසන් තරගයේ අපේක්ෂා දැනටමත් සුන්වී ගොස් තිබේ.

මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම ලකුණු ගණනක් වාර්තා කොට ඇත්තේ කැන්ඩි පිලේ 27 හැවිරිදි කවීන් බණ්ඩාර වන අතර, ඔහු තරග 8කදී ඉනිම 8කට මුහුණදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 287ක් ලබා සිටින අතර, කොළඹ පිලේ නායක චරිත් අසලංක තරග 5කදී ඉනිම 5කට මුහුණ දෙමින් ශතක 2ක් සමඟ ලකුණු 286ක් ලබා සිටී. ගෝල් පිලේ යශෝධ ලංකා තරග 7කදී ඉනිම 7කට මුහුණදී ශතකයක් හා අර්ධ ශතකයක් සමඟ ලකුණු 279ක් ලබා සිටී. චරිත් අසලංක සහභාගී වූ තරග පහේදී හතරේ පහර 24ක් හා හයේ පහර 13ක් රැස් කිරීම කැපී පෙණුනි.

මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙනදීමට කොළඹ පිලේ 23 හැවිරිදි වමත් දඟ පන්දු යවන දිලුම් සුධීර තිලකරත්න සමත්ව ඇත. ඔහු තරග 7කදී ලකුණු 226කට කඩුලු 14ක් ලබා සිටින අතර, ඕවරයකට ලකුණු සමාන්‍ය 4.43කි. දෙවැනි ස්ථානයේ ගෝලි පිලේ මුදිත ලක්ෂාන් සිටින අතර ඔහු තරග 7කදී ලකුණු 190කට කඩුලු 13ක් දවාගෙන ඕවරයක ලකුණු සාමාන්‍ය 3.35ක් ලෙස රඳවා ඇත. තෙවැනි ස්ථානයේ ජැෆ්නා පිලේ ඉසිත විජේසුන්දර සිටින අතර, ඔහු තරග 3කදී ලකුනු 120කට කඩුලු 11ක් දවාගෙන ඕවරයක ලකුණු සාමාන්‍ය 4.80ක් රඳවා ඇත.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee