slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2024
පානදුර කාන්තාවෝ දෙවැනි ජයත් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල් කණ්ඩායම විසින් බී.ආර්.සී. පිලට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්විය.

බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති එම තරගයේදී පානදුර කණ්ඩායමේ අවසන් පිතිකාරිණිය වුණු යසන්ති හේරත්ගේ පිති හරඹය දිනයේ කැපී පෙනුණි. ඇය විසින් රැස් කරන ලද්දේ එක් ලකුණක් වුවත්, ඉනිමේ අවසන් පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිස පැයකට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් දායකත්වය කැපී පෙනිණ. රශ්මිකා සෙව්වන්දි සමඟ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඇය දායකත්වය දැක්වූයේ ඒ සඳහා පන්දු 94 ක් වැය කරමිනි.

පන්දු යැවීමේදී ඇය ලකුණු 08 ක් ඇතුළත ප්‍රතිවාදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමේ වැඩිමලකුණු ලාභිණිය වෙමින් පන්දු 71 කදී හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 43 ක් රැස් කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබාගනිමිනි.

බදුරලිය පන්දුවාර 31.4 කදී ලකුණු 73 යි

නෙතෙඟි ඉසුරාංජලී 18, සාවින්දි කුරේ 10/4, යසන්ති හේරත් 08/3

පානදුර පන්දුවාර 31.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 74 යි

රශ්මිකා සෙව්වන්දි 43*, රශ්මි නේත්‍රාංජී 09/3, ෂෙහාරා ඉඳුවරී 28/3

ඒස් කැපිටල් කණ්ඩඩායමට කඩුලු 8 ක ජයක්

බී.ආර්.සී. පන්දුවාර 45.2 කදී ලකුණු 77 යි

මහින්දි ආරච්චිගේ 10, දැහැමි සෙනෙත්මා 19/2, සුගන්දිකා පතිරණ 10/2, ජනාධි අනාලි 10/2, දෙවඟි ජෙගනාදන් 11/2

ඒස් කැපිටල් පන්දුවාර 19 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 78 යි

හෂිනි ඉන්ද්‍රජිත් 32*, දැහැමි සෙනෙත්මා 24*

Active filters

Recent Posts

  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]

Pin It on Pinterest

USD United States (US) dollar